විලාසිතා නිර්මාණකරණය කියලා කියන්නේ ව්‍යවසාය අවස්ථා රැසක් තිබෙන ක්ෂේත්රයක්. මේ ක්ෂේත්රය ඇතුළේ ස්වෝත්සහයෙන් නැගී සිටි චරිත රැසක් අපිට හමුවෙනවා. ඒ අතරින් සුවිශේෂී චරිතයක් පිළිබඳ කතාවක් අපි අද ඔබ හමුවේ තබනවා. ඇය නමින් ඉරේෂා මනෝජනී. ඉරේෂා ඇඳුම් නිර්මාණය ශිල්පිණියක්.
නිරූපණ ක්ෂේත්රය තුළ වගේම, කලා ලෝකය තුළත් ඉහළ පිළිගැනීමක් සහිත ඇඳුම් නිර්මාණ ශිල්පිණියක් වන ඉරේෂා කතාව පටන් ගන්නේ ඇයගේ බාල කාලෙන්.
''පුංචි කාලේ ඉඳලාම මේ ක්ෂේත්රය ගැන ආසාවක් තිබ්බා. අපිට මාමා කෙනෙක් හිටියා, එයා ගෙදර මහනවා. මම එයාගේ ඇඳුම්වලින් කැපිලා යන කෑලි එකතු කරගෙන ඇඳුම් මහලා, තනියම ඇඳගෙන ගෙදර ෆැෂන් ෂෝ එකක වගේ මොඩ්ල් කරනවා.''
නිරූපණ ක්ෂේත්රයටත් ඇඳුම් නිර්මාණයටත් තිබුණු ආසාව නිසාම ඉරේෂා නිරූපිකාවක් බවට පත්වෙනවා. ඒත් ඇය තමන් සහජයෙන් උරුම කරගත් නිර්මාණශීලීත්වය අමතක කරන්නෙ නැහැ.
''මෙම මේ ව්‍යාපාරය ලියාපදිංචි කළේ 2006දී. කාලයක් මාත් මොඩ්ලින් කළා. ඒත් එක්කම ඒ ක්ෂේත්රයේ කට්ටියව අඳුනාගත්තා. මේ කාලේ මගේ ඇඳුම් මමම ඩිසයින් කරගත්තා. පස්සේ කාලයක් යද්දී මම මොඩ්ලින් කරන නතර කරලා ඇඳුම් නිර්මාණ ක්ෂේත්රයට පිවිසුණා.''
මේ වනවිටත් තමන්ගේ වෘත්තියට අවශ්‍ය දැනුම් ඉරේෂා එකතු කරගෙන තිබුණි. ඇය ආයතන කිහිපයකින්ම ඇඳුම් මැසීම වගේම මෝස්තර නිර්මාණකරණය ගැන ඉගෙන ගෙන තිබුණා.
''මට නිවුන් සහෝදරියක් ඉන්නවා. ඇයත් මම වගේමයි. අඳුනාගන්න බැහැ. ඒ නිසා අපිට හැමෝම කතා කළේ Twinza කියලා. ඒ නිසාම අපේ ව්‍යාපාරයට ''ටුවින්සා ඩිසයින්ස්'' කියන නම තිබ්බා.''
සහෝදරිය සැලෝන් එකක් ආරම්භ කරන විට එහි පසෙක කුඩාවට සිය ඇඳුම් නිර්මාණ කටයුත්ත ඉරේෂා ආරම්භ කළා. ඒ තමා ඇගේ ආරම්භය. මේ විදිහට ඇය පියවරෙන් පියවර ඉදිරියට ඇවිල්ලා තියෙන්නෙ කැපකිරීම් රාශියක් සිදුකරමින්. නිරූපණ ක්ෂේත්රය තුළ Twinza Design ජනප්‍රිය වෙන්නෙ නිරූපණ ක්ෂේත්රයේ මිතුරියකගෙන් ලැබුණු ආරාධනාවක් නිසා.
''මට එක මොඩ්ල් කෙනෙක් කතා කරලා ඇහැව්වා, Intercontinental show එකක් එනවා ඒකට ඇඳුම් කරන්න පුළුවන්ද කියලා. මම එතැන අවුරුදු එකහමාරක් හැම සිකුරාදාම ෂෝ එක කළා.''
නිරූපණ ශිල්පිනියන් සිව්දෙනකු යොදාගෙන ඉරේෂා මේ වැඩේ පටන් ගන්න යෙදුනා. එක සිකුරාදාවක ප්‍රදර්ශනය කරපු ඇඳුම් ඊළඟ සිකුරාදා වෙනකොට අලෙවි කරලා ඒ ලැබෙන මුදලින් තමයි ඇය අලුත් ඇඳුම් නිර්මාණය කරගෙන ඊළඟ සිකුරාදා වැඩේට සූදානම් වෙලා තියෙන්නෙ.
''මුල්ම කාලේ Shows වලට යනකොට මට වාහනයක් තිබුණේ නැහැ. ත්‍රීවීල් එකක තමා ඔක්කොම බඩු අරගෙන ගියේ. ලොකු බෑග් උස්සාගෙන හොටෙල් එකට යනකොට, FMB Manager මට කිව්වා ''ඔහොම නම් බැහැ ඔයා දැන් Designer කෙනෙක් දැන් කාර් එකකින් එන්න ඕනා'' කියලා...''
ඒ වදන් ධෛර්යමත්ව භාරගත්ත ඉරේෂා පසුව ලීසිං ක්‍රමයට තමන්ගේම වාහනයක් අරගන්නවා. 2010 වෙනකොට සහෝදරිය නිතර විදෙස්ගත වීම නිසා සැලෝන් එක සම්පූර්ණයෙන්ම තමන්ගේ ඇඳුම් නිර්මාණ කරන කටයුතු වෙනුවෙන් වෙන් වෙනවා. ඒ අනුව 2010 වසර Twinza Design ව්‍යාපාර සාර්ථකව ගොඩනගන්නට ඉරේෂා මනෝජනී සමත් වෙනවා.
එතැනින් පසුව දිගින් දිගටම විලාසිතා ලෝකය සහ කලා ලෝකයේ ජයගනිමින් තමන්ගේ නිර්මාණකරණය ඉදිරියට මෙහෙයවන්න ඉරේෂා වාසනාවන්ත වුණා.
''විවිධ පැජට් රූපවාහිනී වැඩසටහන් විශාල ප්‍රමාණයකට ඇඳුම් නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. මුල්කාලේ සිරස කුමරිය, සුපර් ස්ටාර් වගේ තරඟවල ඇඳුම් නිර්මාණය කළා.''
සේවකයන් කිහිප දෙනෙකුද එකතු කරගෙන තමන්ගේ ශ්රමයට වගේම නිර්මාණශීලීත්වයට මුල්තැන ලබාදෙමින් තමයි ඉරේෂා Twinza Design ව්‍යපාරය ගොඩ නගන්නෙ.
''බොහෝ දෙනෙක් අපේ විලාසිතා ගැන පැහැදුණා. විශ්වාසයෙන් අපිට ඇනවුම් ලබාදුන්නා. අදටත් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පාරිභෝගිකයො අපිත් එක්ක සම්බන්ධ වෙනවා. විදේශයන්වල පවා ඉන්න පාරිභෝගිකයෝ තමන්ට අවශ්‍ය විදිහට නිර්මාණ අපි ලවා සිදුකර ගන්නවා.''
පසුගිය කාලයේ ගොඩක් ව්‍යාපාරවලට බාධා එල්ල කරපු කොවිඩ් වසංගත නිසා සිය ව්‍යාපාරය නිවසේදීම සිදු කරන්න දැන් ඉරේෂා කටයුතු කරමින් ඉන්නවා.
''වට්ස්ඇප් එකෙන් කෝල් කරලා, වීඩියෝ තාක්ෂණය හරහා අවශ්‍ය මිමි ලබාගෙන, අපි දැන් ඇඳුම් නිර්මාණය කරනවා. එහෙම නිර්මාණය කළත් පළමු වතාවෙන්ම නිවැරදි විදියට නිර්මාණය නිමාකරන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසාම ගොඩක් අලුත් පාරිභෝගිකයන් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා.''
ඉරේෂා මනෝජනී අවස්ථා ගණනාවකදීම විවිධ වැඩසටහන්වලදී ඇගයීමට ලක්වෙලා තිබෙනවා. නිර්මාණය කරපු ඇඳුම් විවිධ තරංග ජයග්‍රහණය කළ අවස්ථාව බොහොමයි. එනිසාමයි අදටත් කලා ලෝකය සහ නිරූපණ ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් Twinza Design මත විශ්වාසය තබන්නෙ.
දහදිය මහන්සියෙන් ගොඩනගපු මේ අපූරු සුන්දර ව්‍යාපාරය පිළිබඳ මුහුණු පොත ඇතුළු සමාජ ජාල හරහා තවත් තොරතුරු හොයලා බලන්න පුළුවන්. ඉදිරි වසරේදී තවත් නව මුහුණුවරකින් ව්‍යාපාරය කළ හැකි බව අවසානයේදී ඉරේෂා අපි සමඟ සඳහන් කළා. ඒ අනුව ඉදිරි වසර Twinza Design නාමයට සුවිශේෂී වසරක් වේවි.