බිරියානි කියන්නෙ අපි කවුරුත් කැමැති කෑමක්. මේ දවස්වල ලංකාව පුරාම බිරියානි සම්බන්ධව ලොකු උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. Kilo Biriyani කියන්නෙ මේ වෙනකොටත් සමාජ මාධ්‍ය වේදිකාවල අතිශය ජනප්‍රිය සන්නාමයක්. 2010 විතර නවමු සංකල්පයකින් ආරම්භ වුණු මේ ව්‍යවසාය පිළිබඳ අප සොයා බලන්න තීරණය කළා.
ආචාර්ය ඒ.යු.එල්.ඒ් හිල්මි මහත්මා තමා Kilo Biriyani සන්නාමයේ නිර්මාතෘවරයා
“අලුත් සංකල්පයක් එක්ක Kilo Biriyani ව්‍යාපාරය මම පටන් ගත්තේ 2010 දී. ඉන්දියාවේදී මගේ මිත්‍රයෙක් එක්ක සාකච්ඡා කරද්දි තමයි මේ අදහස මට ආවේ. පස්සේ ලංකාවට ඇවිල්ලා මිත්‍රයන් එක්ක මේ ව්‍යපාරය පටන් ගත්තා. අපි කිලෝවලින් තමයි බිරියානි ලබා දෙන්න පටන් ගත්තෙ."
ආචාර්ය හිල්මි වෙනත් ක්ෂේත්‍ර කිහිපයකම ව්‍යාපාර සිදු කරන අයෙක්. ඔහු නව අදහස් සංකල්ප එක්ක ඉදිරියට යන්න ලොකු කැමැත්තක් දක්වනවා. ඒ නිසාමයි වෙනස් විදිහට හිතලා මේ ව්‍යාපාරික අදහසත් ඔහු මහ පොළොවේ පැළ කළේ.
“අපි තමා මුලින්ම මැටි මුට්ටිවල බිරියානි පාරිභෝගිකයන්ට ලබා දෙන්න පටන් ගත්තෙ. ගොඩක් වෙලාවට මේ වගේ ආහාරවල තෙල් සම්බන්ධව පැමිණිලි එනවා. මුට්ටිවලට තෙල් උරාගන්න නිසා බිරියානි රසවත් විදියට පාරිභෝගිකයන්ට දෙන්න අපිට පුළුවන් වුණා."
2010 දී ආරම්භ කරපු මේ ව්‍යාපාරය සාර්ථක ලෙස ඉදිරියට ගියත් හිල්මි මහතා තමන්ගේ වෙනත් ව්‍යාපාර සමඟ කාර්යබහුල වුණා. ඔහුට විදේශගත වෙන්නත් සිදුවුණා. කොහොම නමුත් 2019 දී විතර නව මුහුණුවරකින් මේ ව්‍යාපාරයට මූලිකත්වය ලබා දෙන්නේ හිල්මි මහතාගේ බිරිඳ වන තිළිණි ද සිල්වා මහත්මිය විසින්. මේ වන විට ව්‍යාපාරයේ ප්‍රධානියා විදියට කටයුතු කරන්නෙ ඇය. ඇය අප සමඟ සම්බන්ධ වුණා.
“මම මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනකොට ඩොක්ටර් ඉන්දියන් ව්‍යාපාරික සගයෙක් එක්ක මේ ව්‍යාපාරය පටන් අරගෙන තිබුණේ. මේ හයිද්‍රාබාද් බිරියානි එක රෙසිෆි කරලා තිබුණෙත් ඩොක්ටර් විසින්මයි. මම නිරෑපණ ක්ෂේත්රයේ වැඩ කළේ. අපේ නිෂ්පාදනය ගැන පෝස්ට් එකක් මගේ සමාජ මාධ්‍ය ගිණුම්වල දැම්මම හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. එතැනින් පස්සේ තමයි මේ අලුත් වැඩේ පටන් ගත්තෙ."
ඇය සඳහන් කරන විදිහට පළමුවෙන්ම මාර්ගගත ක්‍රමයට තමා බිරියානි අලෙවිය සිදුවෙලා තියෙන්නෙ. කොහොම වුණත් මුල් කාලේ විවිධ පැමිණිලි ඇවිල්ලා තියෙනවා. කිලෝ බිරියානි කියන සංකල්පය ගොඩක් දෙනෙක්ට තේරුම් ගන්න පහසුවෙලා නැහැ. ඒත් කාලයත් එක්ක ක්‍රමයෙන් පාරිභෝගිකයන් මේ නව සංකල්පය වටා එකතුවෙලා තියෙනවා.
“කොවිඩ් වසංගතයත් එක්ක මුල් කාලෙ අපිට ගොඩක් අමාරු වුණා. ඒත් වසංගතය එක්කම ඩිලිවරි සඳහා ක්‍රමයෙන් හොඳ ඉල්ලුමක් ලැබුණා. මේ කාලේ රාජගිරියෙන් අපි ජාඇලට මාරු වුණා. අපි අපේ පළවෙනි රෙස්ටුරන්ට් එක පටන් ගත්තා ජාඇල .... ඒත් සංචරණ සීමා නිසා අඛණ්ඩව රෙස්ටුරන්ට් එක පවත්වාගෙන යන්න පහසු වුණේ නෑ. ඒත් අපි දිගටම උත්සාහ කළා. දැන් අපිට රෙස්ටුරන්ට් හතරක් තියෙනවා."
කොතරම් බාධා පැමිණියත් මේ යුවල තමන්ගේ උත්සාහය අත්හැරියෙ නැහැ. Kilo Biriyani මේ වෙනකොට ලංකාවේ සැලකිය යුතු ජනප්‍රියත්වයක් අත්පත් කරගත් සන්නාමයක්. වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ බිරියානිවල මිල ස්ථිර ලෙස පවත්වාගෙන යාමත් ගැටලුවක් බව ආචාර්ය හිල්මි අප සමඟ සඳහන් කළා. ඒත් නව මානයන් ඔස්සේ ව්‍යාපාරය පුළුල් කිරීම ඔහු අත්හැරලා නැහැ.
“Kilo Biriyani Products වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න අපි තීරණය කළා. ඒකත් අපූරු සිදුවීමක්. දවසක් අපේ මිත්‍රයෙක් එක්ක අනුරාධපුරේ චාරිකාවක් යන්න අපි තීරණය කළා. ඒ ස්ථානයේ අනුපාන අරගෙන ගියාම අපිට අවශ්‍ය ආහාර හදන්න දෙන නිසා මම වෙළෙඳපොළට ගිහිල්ලා බඩු ගත්තා. ඒකට විශාල මුදලක් වියදම් වුණා. එතැනදි තමා මට හිතුණේ අවශ්‍ය අනුපානයට හදලා දෙන්න පුළුවන් නම් ලොකු වියදමක් නැතුව ඕනෑ කෙනෙක්ට බිරියානි හදන්න පුළුවන් කියලා."
ඒ සංකල්පය පෙරදැරිව නිර්මාණය කරපු Kilo Biriyani Products මේ වන විට අපනයන වෙළෙඳපොළත් ජයගෙන අවසන්. ආචාර්ය හිල්මි සඳහන් කරන ආකාරයට ජපානය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ රටවලින් මේ නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතිනවා.
“අපේ නිෂ්පාදන එක්ක රයිස් කුකර් එකකින් විනාඩි තිහක් ඇතුළත බිරියානි ටිකක් හදන්න පුළුවන්. විනාඩි හතකින් මසාලා එකක් හදන්න පුළුවන්. දැන් අපේ නිෂ්පාදනවලට දේශීය වෙළෙඳපොළේ වගේම ජාත්‍යන්තර වෙළඳපොළෙත් හොඳ ඉල්ලුමක් තියෙනවා."
මේ වන විට කුඩා පරිමාණ ව්‍යවසායකයනුත් එකතු කරගෙන සැලකිය යුතු පරිමාවක වෙළඳපොළක් නිර්මාණය කිරීමේ කාර්යයකට Kilo Biriyani කණ්ඩායම අතගසා තියෙනවා. කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට අතහිත ලබාදීමේ අරමුණ සහිතව, ඔවුන්ගේ නිෂ්පාදන ප්රමිතිකරණය සඳහා අවශ්‍ය අධ්‍යයනයන් සිදු කරමින් කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන වෙත වාර්තා පවා සපයන්නට ආචාර්ය හිල්මි කටයුතු කළ බව කියැවෙනවා.
“Kilo Biriyani Estore හරහා අපි කුඩා පරිමාණ ව්‍යවසායකයන්ටත් අවස්ථාව සලසා දීලා තියෙනවා. දැන් අපි විදේශගත පිරිස්වලටත් මේ හරහා ආහාර නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාව සලසා දෙන්න සැලසුම් කරමින් ඉන්නවා. ඒ වගේම Kilo Biriyani සන්නාමය යටතේ පොඩි මුදලක් වියදම් කරලා තමන්ගෙම Restaurant එකක් ආරම්භ කරන්න පුළුවන්. අපි ඒ සඳහා සියලුම පහසුකම් ලබා දෙනවා."
අලුත් අදහස් එක්ක වෙනස් විදියට හිතන මිනිසුන් නිතරම ලෝකය වෙනස් කරනවා. ආචාර්ය හිල්මි ඒ සඳහා කදිම උදාහරණයක්. ඔහු අප සමඟ කතාව අවසන් කළේ මේ විදිහට.
“ලංකාවේ ව්‍යාපාර නැහැ රැකියා නැහැ කියන අදහස සම්පූර්ණයෙන් අත්හරින්න ඕනෑ. උත්සාහයෙන් කරනවනම් ඕනෑ තරම් ව්‍යාපාර රැකියා ලංකාව ඇතුළේ තියෙනවා."