2017 ජුනි 24 වන සෙනසුරාදා

අවවාදයයි - ගංගා මුහුදු ආශ්‍රිත ජනතාව පරෙස්සමෙන්

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

2017 ජුනි 21 වන බුධ දින පාන්දර හතර පසුවී විනාඩි තිස් අටට සෙනසුරු තමාට සතුරු රාශි භවනක් වූ වෘශ්චික රාශියට පිවිසෙනු ඇත. 2017 අගොස්තු මස 24වන දින නැවත සුපුරුදු ලෙස නිවෘතව ගමන් කරන සෙනසුරු 2017 ඔක්තෝම්බර් 26 වන ගුරු දින සවස තුන පසුවී විනාඩි 31 දක්වාම වෘශ්චික රාශියෙහි බුධට අයත් වූ දෙට නැකතේ හතරවන පාදයේ ගමන් කරයි. 

මෙය පසුගිය දිනවල සිදුවූ ඉතා අවාසනාවන්ත සිදුවීම් වලටත් වඩා වැඩි වූ ඉතා අශුභ සිදුවීම් මාලාවක් අපරට තුළ සිදුවන්නා වූ වකවානුවක් වේ.

රජයට කරදර බාධක රැසක් ඇති වනවාත් හැර රාජ්‍ය ආයතනවල මෙන්ම රටේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ අර්බුදකාරී වාතාවරණයක් ඇති වේ. වැඩ වර්ජන හා උද්ඝෝෂණ ඇති වන අතර සිසුන්ගේ උද්ඝෝෂණ මෙන්ම පෙළපාලි ආදියද සිදුවන්නා වූ වකවානුවක් වෙයි. මේ නිසා මහජන සාමයට බාධා ඇති වෙමින් යම් යම් අරගල ගැටුම්කාරී තත්ත්වයන් ඇති වනු ඇත. පතල් අනතුරු මෙන්ම භූමියට සිදුවන්නා වූ අශුභ වූ සිදුවීම් වැඩි වකවානුවක් වන අතර භූමියේ අසමතුලිතාවයක් සෙලවීමක්, විශාල නාය යෑමක් මෙන්ම සුළි කුණාටු, ජල ගැලීමක් ඇති වන නිසා ගංගා මුහුදු ආශ්‍රිතව ජීවත්වන ජනතාව ඉතා පරිස්සම්ව ජීවත් විය යුතුවේ. ස්වාභාවික ආපදා හේතුවෙන් මිය යන සංඛ්‍යාව ඉහළ යන අතර දේපල හානිද වාර්තාවේ. දේශපාලන ක්ෂේත්‍රයේ නොසිතු පෙරලියක් සිදුවන වකවානුවක්ද වේ. රාජ්‍ය ප්‍රධානින් තම ගෞරවයට බාධා ඇති වීම්වලටද අපහාස වලට ලක්වීමද උසස් ප්‍රධානියකුට මහජන නියෝජිතයකුට මාරක ඇති වන කාලයක් වේ. 

විදේශිය වශයෙන් සිදුවන බලපෑම විමසා බැලීමකදී කලාකරුවන්ට නළු නිළියන්ට ඉතා අයහපත් වන අතර මාරකද වේ. ස්වාභාවික ආපදා ඉහළ යන අතර විවිධ හේතුමත ජන ජීවිත විනාශ වී යාමත් ගිනිකඳු භූ චලන ඇති විමක් ගංඟා මුහුදු ගොඩනැලීම්ද සිදුවන වකවානුවක් වේ. රාජ්‍ය නායකයකුට මාරක ගෙන දෙනු ඇත.

මේෂ - වාහන අනතුරු

කරන කටයුතුවලට විවිධ බාධා ඇතිවනු ඇත. අධ්‍යාපනයේ නිරත වන අයට ප්‍රතිඵල අඩුවන අතර ඉගෙනීම් කටයුතුවලින් මිදි සෙල්ලමට යොමු වන වකවානුවක් වේ. රථ වාහන පැදවීම් කරන අයකු නම් ඉතා කල්පනාකාරී විය යුත්තේ හදිසි ශරීර පීඩා අනතුරු ඇති විය හැකි නිසාය. 

වෘෂභ - කීර්තිනාමය ඉහළට

අවිවාහක අයට මංගල යෝජනා ඇති වන අතර විවාහක අය අතර යම් යම් ප්‍රශ්න සමගිය බාධා වීම් ඇතිවනු ඇත. දුර ගමන් යෙදෙන අතර ගෙදරින් පිට ගමන් වැඩියෙන් යෙදෙන වකවානුවක් වේ. තමන් පදිංචි ස්ථානය ආශ්‍රිතව යම් යම් ගැටලු මතුවනු ඇත. තමාගේ කීර්තිනාමය ප්‍රසිද්ධියට පත්වන්නාවුත් වකවානුවක් ද වේ. 

මිථුන - විදේශ ගමන්

ඔබට සතුන්ගෙන් ශරීර පීඩාවක් ඇති විය හැකි බැවින් පරිස්සම් වන්න. පිටස්තර අයට මෙම වකවානුව තුළ උදව් කළද එයින් ඔබට සෙතක් අත් නොවනු ඇත. දුර ගමන් විදේශ ගතවීම් බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. 

කටක - හෘදය රෝග

පවුල් දිවියේ ප්‍රශ්න මතුවිය හැක. තම තැන්පත් ධනය වැය වීම් වලට ලක්වනු ඇත. දියුණුව අඩු වන වකවානුවක්ද වේ. හවුල් කටයුතු වලින් ඵල අත්වෙන අතර හෘදය ආශ්‍රිත රෝගවලින් පීඩා විඳි අයට අයහපත් වනු ඇත. 

සිංහ - සිතේ දුක

යම් යම් කටයුතු සඳහා ඉදිරිපත්වීමේ ගති ඇති වන අතර එමගින් ඔබට ඵල ප්‍රයෝජන අත්කර ගැනීමේ හැකියාවද ලැබෙනු ඇත. සිතේ දුක් ඇතිවන කාල වකවානුවකි. තමා වාසය කරන ස්ථානයෙන් බැහැරව වැඩි වශයෙන් සිටිනවා ඇත.

කන්‍යා - පිංකමට හිත

සිත ආවේගශීලි ගතියෙන් යුක්ත වන වකවානුවක් වේ. දුරගමන් ඇතිවනු ඇත. අධ්‍යාපනික කටයුතුවල නිරත වන අය උදාසීන ගතියෙන් කටයුතු කරනු ඇත. පුන්‍ය කටයුතු සඳහා වැඩි වශයෙන් සහභාගි වීමට සිදුවේ.

තුලා - විවිධ බාධා

ඉතිරි කරගැනීමට බාධා වීම් ඇති වන්නාවූත් වකවානුවක් වේ. හදිසි ශරීර පීඩා මෙන්ම පවුල් දිවියේ සමගියට බාධා වීම් ඇතිවනු ඇත. විදේශ ගතවීම් හෝ වෙනත් ස්ථානයකට මාරුවීමකට යහපත් කාලයක් වේ. තමාගේ කටයුතු වලට විවිධ බාධා මතුවනු ඇත. 

වෘශ්චික - ගනුදෙනු පරිස්සමෙන් 

විශාල ලෙස ධන හානියක් ගෙන දෙන වකවානුවක් බැවින් මුදල් සම්බන්ධ කටයුතු වලදී ඉතා පරිස්සමින් යුක්තව කටයුතු කරන්න. ගෙදරට වඩා පිට ස්ථානවල වැඩිපුර ගැවසීමට සිදුවනු ඇත. පවුල් දිවියේද ප්‍රශ්න ඇතිවන වකවානුවක් වනු ඇත. 

ධනු - සැඟවුණු කරදර

ඔබගේ කටයුතුවලටද විවිධ වූ බාධා ඇති වනු ඇත. සැඟවුණු සතුරු කරදර වලට ලක්වේ. තැන්පත් ධනයද විවිධ කටයුතු සඳහා වියදම් වී යනු ඇත. ආගමික කටයුතු සඳහා සහභාගි වීමට අවකාශ ලැබේ. 

මකර - හදිසි ධන ලාභ

උත්සහයෙන් යුක්තව කටයුතු කරමින් තම කර්යයන් රැසක් ඉෂ්ඨ කරගන්නාවූත් කාල වකවානුවක් වේ. හදිසි ධන ලාබ ඇතිවනු ඇත. නිවසට වඩා පිට සිටීමට සිදුවන අතර ස්ථාන වෙනසක් සිදුවිය හැකිය.

කුම්භ - භූමියට සුබයි

තම මතයට අනුව කටයුතු කරන කාලයක් වන අතර භූමිය ආශ්‍රිතව ශුභ ඵල අත් වනු ඇත. දුර ගමන් විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

මීන - කෙටි ගමන්

තමා ගැන වැඩිපුර සිතා කටයුතු කරන වකවානුවකි. කෙටි ගමන් අධික වනු ඇත. ආගමික කටයුතු සඳහා සහභාගි වන අතර ඒ ආශ්‍රිත කටයුතු සඳහා වැඩි වශයෙන් කාලය ගත කිරීමට සිදුවේ.

ජ්‍යොතිෂ නන්දන 
ප්‍රවීන ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00