පෝලෝ කියන්නේ අශ්වයන්ගෙ පිටේ නැඟීගෙන කුඩා බෝලයක් ගෝල කණුව වෙත ගෙනියන ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව වතුරෙදි කරද්දි අපි ඒක හඳුන්වන්නෙ වෝටර් පෝලෝ කියලයි. හැබැයි අද මේ කියන්න හදන්නෙ වතුරෙ ඉඳන් කරන්න පුළුවන් තවත් පෝලෝ ක්‍රීඩාවක් ගැනයි.
මේක හඳුන්වන්නෙ Canoe polo නමිනුයි. සාමාන්‍ය කැනෝයින් චාරිකාවක් වෙනුවට මෙතැනදි පෝලෝ ක්‍රීඩාව සම්බන්ධ වීම තමයි විශේෂත්වය. එක් පැත්තකට පස්දෙනෙක් බැගින් කණ්ඩායම් දෙකක් විදිහට තමයි මේ Canoe polo ක්‍රීඩාව කරන්නෙ. ක්‍රීඩාවක් කිව්වට ඇත්තටම මේක විනෝදය ගේන අත්දැකීමක්.
සැහැල්ලු ඔරුවල නැඟුණු ක්‍රීඩකයෝ තමන්ට ප්‍රතිවිරුද්ධ දිසාවේ තියෙන ගෝල කණුවට පන්දුව යොමුකිරීම තමයි කරන්නෙ. එතැනදි පන්දුව අතින් අල්ලන්න පුළුවන් වගේම හබල පාචිච්චි කරලා පන්දුවට පහර දෙන්නත් පුළුවන්. ක්‍රීඩකයන් අතර පන්දුව හුවමාරු කරගනිමින් ගෝල කණුව දක්වා පන්දුව ගෙනියන එකයි කරන්න තියෙන්නෙ. ගොඩබිම කරන පෝලෝ හරි නැත්නම් පාපන්දු හොකී ක්‍රීඩාවකටයි වඩා මේක ඇත්තටම විනෝද ජනකයි. නිකම් හරි ඔරැව පෙරළුණොත් වතුරෙ. ඉතින් ජීවිතාරක්ෂක කබා, හෙල්මට් දාගෙන තමයි මේ වැඩේ කරන්නෙ. අනිත් එක ක්‍රීඩකයන්ට තුවාල වීම වළක්වා ගන්න මේ වැඩේට ගන්න ඔරු, හබල් වගේ දේවල් හදලා තියෙන්නෙ කිසිම තියුණු බවක් සහ බරක් නැතිවෙන්නයි.
ගංඟාවක් අවට සංචාරයක ගිය වෙලාවකදී අත්හදා බලන්න හොඳ සෙල්ලමක් තමයි මේක. හැබැයි ආරක්ෂාවට මුල් තැන දෙන්නත් ඕන.