ග්‍රහ ලොව මනාලිය වූ සිකුරු ග්‍රහයා 2017 ජුනි මස 29 වැනි ගුරු දින රාත්‍රී හත පසු වී විනාඩි තිස් දෙකට තමාගේ ස්වක්ෂෙත්ර රාශි භවනක් වූ වෘෂභ රාශියට පිවිසෙයි. රවිට අයත් කැති නැකතේ දෙවන තුන්වන හතරවන පාදවලත් සඳුගේ රෙහෙන නැකතේ සම්පූර්ණවත් අඟහරුට අයත් මුවසිරස නැකතේ ප්‍රථම හා දෙවන පාදවලත් 2017 ජුලි 26 වැනි දින සවස පහ පසු වී විනාඩි අට දක්වාම බලවත් ගමනක යෙදෙනු ඇත. මෙම කාල වකවානුව තුළදී වෘෂභ, සිංහ, වෘශ්චික හා කුම්භ ලග්නවලින් උපත ලබන දූ දරුවන්ට ඉතා වාසනාවන්ත වන යෝග බලයක් වූ මාලවි යෝග බලය හිමි වේ. විශේෂයෙන් රූපශ්‍රියෙන් දුටුවන්ගේ සිත් ඇදගන්නා මිහිරි කටහඬකින් යුක්තවූත් කලා කටයුතුවලට දක්ෂ සියුමැලි ශරීරයක් හෙබි ඔවුන් විවිධ විෂයන් නිසා ප්‍රසිද්ධියට පත්වන්නා වූ අය වනු ඇත.
අප රටේ නොසිතූ ලෙස කාලගුණික විපර්යාස සිදුවනු ඇත. වාතය තෙත ගතියෙන් යුක්ත වේ. භූමියට සිදුවන අයහපත් සිදුවීම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ වූ සංගීතවේදියකුගේ අභාවයක් සිදුවනු ඇත. ප්‍රසිද්ධ වූ උසස් කාන්තාවකට ද මාරක වකවානුවක් වනු ඇත.
විදේශීය වශයෙන් අවධානය යොමු කිරීමේදීත්, වෙළෙඳ, ව්‍යාපාරික සහ බැංකු ආශ්‍රිතව අශුභ වූ සිදුවීම් වාර්තා වනු ඇත. මහජනයා අතර රෝග ප්‍රචලිත වන වකවානුවක් වන අතර ප්‍රවීණ චිත්‍ර හෝ සංගීත ශිල්පියකුට මාරකයක් ඇතිවනු ඇත. රාජ්‍ය ප්‍රධානියකු අපකීර්තියට පත්වන අතර මහජන ගෞරවයට පත් කාන්තාවකට මාරක ඇතිවනු ඇත.
මේෂ - ඉතිරිය අඩුයි
ඔබ අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇතිවේ. ඉතිරිය අඩුවන අතර සෙම් ආශ්රිත ආබාධයක් ඇතිවනු ඇත.
වෘෂභ - කලාවට යහපත්
ඉතා ශුභ ඵල අත්වන අතර ඔබගේ කටයුතු රැසක් ඉෂ්ට කරගත හැකි වේ. ශරීර සනීපය ලැබෙන කාලයකි. විරුද්ධ ලිංගික ආකර්ශනය ඇතිවන අතර කලා කටයුතුවල නිරතවන අයට ඉතා යහපත් වනු ඇත.
මිථුන - නව දේපළක්
ඔබට යහපත් නොවේ. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශ්වවලින් බාධා ඇතිවනු ඇත. දරුවන් ලැබීමට සිටින අය ශරීර පීඩා ගැන අවධානයෙන් සිටිය යුතු වේ. නව දේපළක් මිලදී ගැනීමට ශුභ වනු ඇත.
කටක - ව්‍යාපාරවලට හොඳයි
ඔබට යහපත් ඵල අත්වන අතර හවුල් කටයුතුවලින් මෙන්ම තමාගේ හිත මිතුරන්ගෙන්ද උදව් උපකාර ලැබෙනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ද යහපත්ය.
සිංහ - රැකියාවෙන් ඉහළට
ඔබට ඉතා යහපත් වන අතර ඔබගේ බලාපොරොත්තු ඔබ සිතූ ආකාරයටම ඉෂ්ට කරගත හැකිය. තම සේවා ස්ථානයේ අන් අය අතර කැපීපෙනෙන පුද්ගලයකු බවට පත්වනු ඇත. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු වන අයටද ශුභ වේ.
කන්‍යා - ආදර ගෞරව
ඔබගේ උත්සාහයෙන් උපරිම ඵල ලබාගත හැකිවන වකවානුවකි. ඉගෙනීම් කටයුතුවල නිරත අයටද යහපත් වන අතර නව නිර්මාණ කටයුතු සිදුකිරීමටද යහපත් වනු ඇත. අන් අයගේ ආදරයට ගෞරවයට පත් වේ.
තුලා - සතුට අඩු වේ
ඔබට යහපත් නොවනු ඇත. ඔබගේ ඇසුරට නොගැලපෙන හිත මිතුරන් ළං වේ. යම් යම් කටයුතු සඳහා විවිධ වූ බාධාවන් එල්ලවන අතර සිතේ සතුට අඩුවන කාල වකවානුවක් ද වේ.
වෘශ්චික - පවුලේ සමගිය
ඔබට යහපත් ඵල අත්වනු ඇත. ඔබට යහපත් මිතුරු මිතුරියන් ඇසුරට හමුවන වකවානුවක් වේ. පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර අලුත් ව්‍යාපාරයකට ආයෝජන කාර්යයකට යහපත් කාලයකි.
ධනු - සෙම් රෝග
ඔබගේ කටයුතු සඳහා යම් යම් බාධාවන් ඇතිවන වකවානුවකි. ඉතිරි කරගැනීමට බාධා මතුවන අතර තැන්පත් ධනයද වියදම් වන වකවානුවක් වේ. සෙම් ආශ්රිත රෝගාබාධයක් මතුවනු ඇත.
මකර - ලිංගික බැඳීම්
ඔබට යහපත් වන අතර විරුද්ධ ලිංගික ආකර්ශනය ලැබෙනු ඇත. කලා කටයුතු, ලේඛන කටයුතු ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත්ය. නිතර සතුටින් ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් මෙම වකවානුව ගත කරයි.
කුම්භ - වාහන දේපළ
ඔබට ඉතා යහපත් වනු ඇත. සිතේ පැවති බලාපොරොත්තු ඉෂ්ට කරගත හැකි වේ. නව දේපළක් හෝ වාහනයක් මිලදී ගැනීමට යහපත් කාලයක් වේ. උරුම හිමිකම් ලබාගත හැකි වේ.
මීන - අලුත් මිතුරන්
පවුල් දිවියේ සමගිය සතුට වර්ධනය වේ. අලුත් හිත මිතුරන් තමාට හමුවන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් කාල වකවානුවකි. අත්වල පීඩාවක් මතුවිය හැක.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
ඔලබොඩුව ගෝනප