වටලප්පන් දන්සලක්
ගෙවී ගියේ රාමසාන් සතියයි. ඉතින් රාමසාන් ගෙවුණත් මුස්ලිම් සිංහල දෙමළ හැමකෙනෙක්ම වෙනුවෙන් අපූරු වටලප්පන් දන්සැලක් ජූලි 02දා ඒ කියන්නෙ අද හවස කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසල පැවැත්වෙනවා. දෙවැනිදා හවස 3 ඉඳන් රෑ වෙනතුරු මේ දන්සැල දෙන්නේ මුස්ලිම් සහෝදර සහෝදර පිරිසක් එකතු වෙලායි.
සංචාරක සඟරාවේ එළිදැක්වීම
Le Petit Fete සංචාරක මාර්ගෝපදේශන සඟරාවේ අලුත්ම කාණ්ඩය එළිදැක්වීමේ වැඩසටහනක් ජුලි 11 වැනිදා සවස 6ට අලියොන්ස් ෆ්‍රාන්සෙස් ඩි කෝට්ටේහි පැවැත්වෙනවා. එහිදී සංචාරක ගමනාන්ත ගැන විස්තර වගේම අගෝස්තු මාසයේදී ප්‍රංශ ඡායාරූප ශිල්පියකු වන Cedric Gatillon විසින් ලංකාවේ සුන්දර ස්ථාන ඇසුරින් ලබාගත් ඡායාරූප ප්‍රදර්ශනයක් හඳුන්වාදීමේ ඉසව්වකුත් පැවැත්වෙනවා.