රස කෑම හොයාගෙන යන අතරතුරේදී මෙවර මම ගොඩවුණේ තිඹිරිගස්යාය පාරේ පිහිටලා තියෙන The Bread Company අවන්හලටයි. ජර්මානු සහ යුරෝපීය රසයන් එකතුකරගත් මේ අවන්හල පෙනුමෙන් සුඛෝපභෝගී වුණත් ඉතාමත් ළෙන්ගතු සුහදශීලි සේවාවක් එතැනදි ලැබෙනවා.
මේ අවන්හල ආරම්භ කරන්න හේතුවක් වෙලා තියෙන්නේ ලංකාවේ පාන් වෙළෙඳපොළ තුළ තියෙන ඒකාකාරී බවයි. යුරෝපයේ වගේ රළු පෙනුමට, විවිධ රසවලට හැදෙන පාන් ලංකාවේ දකින්න ලැබෙන්නෙ අඩුවෙන් නිසා තමයි මේ වගේ අවන්හලක් ආරම්භ කරලා ඒ ආකාරයේ විවිධ පාන් වර්ග පිළිගන්වන්න ඔවුන්ට හිතිලා තියෙන්නෙ. කොහොම වුණත් මම එතැනදී ආහාර පාන කිහිපයක්ම රස බැලුවා. මම මුලින්ම රස බැලුවේ බීට් රෑට් සහ දොඩම් එකතුකරලා හදපු රසවත් බීමක්. හොඳ නැවුම් ගතියක් ඒකෙ තිබුණා. ඉන්පස්සේ ශීතල චොක්ලට් ෂේක් එකක තිබිය යුතු හරිම රසයත් එතැනදී මට ලැබුණා.
මෙතැනින් ආහාර ගන්නවා නම් නොවැරදීම රස බැලිය යුතු ආහාරයක් තමයි Strammer Max. බේකන්, චිකන් හෝ බිම්මල් උඩින් අතුරපු මේ ටෝස්ට් එක හුඟක්ම රසවත්. කාටවත් එහෙම නැහැ කියන්න බැරි තරම් රසවත්.
මීට අමතරව මම ඔම්ලට් මැදි කරපු සැන්ඩ්විච් එකකතුත් මේ අවන්හලේ තවත් ජනප්‍රිය ආහාරයක් වන සිනමන් රෝල් එකකුත් රස බැලුවා.
ඉතින් ඔබත් කොළඹ තිඹිරිගස්යාය පාරේ ගමන් කරන වෙලාවක මේ අවන්හලට ගොඩවුණොත් ජර්මානු හා වෙනත් යුරෝපීය කෑම වර්ග රැසක් රසබලන්න පුළුවන් වේවි.
♦ ධනු
ඡායාරෑප | You’re My Favorite