ආඳා මාළු හිල්ටන් රසෙන්
කොළඹ හිල්ටන් හෝටලයේ IKOI TEI අවන්හලේදී ජූලි මාසය පුරා අපූරු ආහාර ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වෙනවා. ඒ තමයි Eel හෙවත් මිරිදිය ආඳා මසුන් ප්‍රවර්ධනය. Eel මසුන් ලාංකිකයන් අතරනම් ආහාරයක් විදිහට ඒ තරම් ජනප්‍රිය නැහැ. නමුත් ජපන් ආරට පිළියෙල කරපු මේ සුවිශේෂ ආහාර රස විඳින්න හොඳ අවස්ථාවක් තමයි මේ ලැබිලා තියෙන්නෙ.
ඡායාරූපය - DailyFT
කොළඹ රෝහල් වීදියේ ආහාර සැණකෙළිය
කොළඹ කොටුව රෝහල් වීථියේ පිහිටා තිබෙන ෆෙයාවේ හෝටලය ජුලි 29 වැනිදා ආහාර සැණකෙළියක් සූදානම් කර තිබෙනවා. වීථි ආහාර සැණකෙළියක් ලෙස සංවිධානය කෙරෙන මේ වැඩසටහනේදී සවස හයේ සිට ආහාර සංගීතය පිරුණු අත්දැකීමක් ලබාගන්න පුළුවන්.