2017 ජුලි 29 වන සෙනසුරාදා

නිදාගෙන කරන බෙල්ල කැඩෙන වැඩේ

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

Skate පුවරුව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කකුල් දෙකින් හිටගෙන ගමන් කළ හැකි රෝද සවිකළ පුවරුවක් හැටියටයි. නමුත් ස්කේට් බෝඩ් එකේ හිටගෙන විතරක් නෙමෙයි නිදාගෙන යන්නත් පුළුවන්. එහෙම නිදාගෙන ස්කේට් බෝඩ් එකේ ගමන් කරන එක හඳුන්වන්නේ Street luge නමිනුයි. 

Street luge කියන්නේ ත්‍රාසජනක වගේම හොඳ විනෝදයක් ගෙනඑන ක්‍රීඩාවක්. ඇතැම් රටවල මෙය වෙනම ක්‍රීඩා තරගයක් ලෙස හොඳ ප්‍රේක්ෂක සහභාගීත්වයකුත් සමඟින් පැවැත්වෙනවා. හැබැයි විනෝදය වගේම මේ තුළ අනතුරුදායක බවකුත් ගැබ් වෙලා තිබෙනවා. ඒ නිසා නිසි ආරක්ෂක මෙවලම් භාවිත නොකළොත් ලොකු අනතුරු වෙන්න පුළුවන්. 

මේ ක්‍රියාකාරකමේදී කරන්න තියෙන්නෙ සාමාන්‍ය ස්කේට් පුවරුවක දිගා වෙලා තරමක බෑවුමක් සහිත පාරක ඇදී යන්නයි. මේ පුවරුවට තිරිංග සවි කරලා නැති නිසා තමන්ගේ අත්වලින් තමයි වේග පාලනය ඇතුළු සියල්ල කරන්න වෙන්නෙ. මේ නිසා අනතුරුදායක බවක් තිබුණත් සාමාන්‍ය ස්කේට් ගමනකට වඩා හැබෑම වෙනස් අත්දැකීමක් මෙතැනදි හිමිවෙනවා. මොකද මේකෙ යෙදෙන කෙනා වේගයෙන් ඇදී යන්නේ විශාල ත්‍රාසයක් ජනනය කරවමිනුයි.