මෙවර මම ගමන් කළේ ටිකක් අමුතු තාලේ නමක් තියෙන තැනකටයි. කොළඹ කොටුවේ රෝහල් මාවතේ පිහිටලා තියෙන මේ අවන්හලේ නම RE.PUB.LK. අවන්හලට ගොඩවුණු මොහොතේම මම ඔවුන්ගෙන් ඇහුවේ මේ නමේ තේරුම මොකක්ද කියන එකයි. ඒවේලේ ඔවුන්ගේ උත්තරය වුණේ Restaurant වචනයේ RE කොටසත් PUB වචනයේ එම අකුරු පෙළත් ලංකාව හැඳින්වීමට LK අකුරු දෙකත් යොදාගනිමින් මේ අවන්හලට නම තැබූ බවයි.
රුක්ෂාන් මීගහගේ සහ කුමාර චන්ද්‍රසේන නම් මේ අවන්හලේ හිමිකරුවන් දෙදෙනාම වෛද්‍යවරු වීමත් විශේෂත්වයක්. රුක්ෂාන් එංගලන්තයේදීත් කුමාර ඉන්දියාවේදීත් තමන්ගේ වෛද්‍ය අධ්‍යාපනය ලබාගෙන තිබෙනවා.
කොහොම වුණත් මේ අපූරු තරුණ වෛද්‍යවරුන් දෙදෙනාගේ අවන්හල කොළඹ නිදහසේ හෝරාවක් දෙකක් ගත කරන්න කදිම තැනක්. මේ අවන්හල පවත්වාගෙන යන්නේ එහි පෞරාණික පෙනුමට කිසිම හානියක් නොවන ආකාරයට යි.
මෙහි පහත මාලය මුළුමනින්ම පාහේ සකස් කර තිබෙන්නේ සාමාන්‍ය පබ් එකක ආකෘතියටයි. ඒ උස මේස හා පුටු යොදාගනිමින්. කොහොම නමුත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු දිහාවට හැරුණු ඇතුළත හා පිටත ආසන පැනවීමකුත් මෙතැන දකින්න ලැබෙනවා. මගේ නම් සිත වඩාත්ම ඇදුණේ එතැනටයි.
මෙතැන තියෙන ලොකුම වෙනසක් තමයි කෑම බීමවල මිල එතරම් ඉහළ අගයක් නොගැනීම. මම එතැනදි ආහාර ගැනීම පටන් ගත්තේ, Blue Sky, Strawberry Basylum හා Classic Tiramisu කියන කොක්ටේල් වර්ගවලිනුයි. ඒවා සියල්ල රුපියල් 600ත් 1200ත් අතර මිලකින් යුක්ත වුණා.
ඉන්පස්සෙ Baked Crab, baos සහ spare ribs (පෝක්) රස බලන්නත් අවස්ථාව ලැබුණා. ඒවා අපේ රටේ රසවලට ගොඩක් සමීප වන ආකාරයට එහෙමත් නැත්නම් අපේ දිවට හොඳින් ගැලපෙන විදිහට ඉදිරිපත් කර තිබුණා. RE.PUB.LK ඇත්තටම දැරිය හැකි මිලකට හොඳ රසවත් ආහාර වගේ නිස්කලංක පරිසරයක් පිරිනමන තැනක් හැටියට හඳුන්වන්න පුළුවන්.
ධනූ
ඡායාරූප | You’re My Favorite