2017 අගෝස්තු මස 20වන ඉරිදා පැවැත්වෙන 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත්වන දරු දැරියන්ගේ යහපත සඳහා නිවසින් පිටත්වීමට අවශ්‍ය ශුභ නැකැත් පහත දක්වා ඇත.
මෙදින නිවසේදී උදේ 06.00 – 7.00 අතර ත්‍රිවිධ රත්නය වැඳපුදා ශ්‍රී විශ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී ගණ යන දෙවිවරුන්හට හා සරසවතී දේව මාතාවට සහ මහා බ්‍රහ්ම දෙවිඳු ඇතුළු සියලු දෙවියන්ට පින්දී සෙත් පතා මව්පිය වැඩිහිටි නැමද ගමන් අරඹන්න. එමෙන්ම පහත සඳහන්,
බුද්ධෝ තිලොක සරණො, බුද්ධො සුරියෝ තමොනුදො
එවං තං සරණං ඛෙමං, බුද්ධො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං, නත්ථි මය්හං භයං සදා
ධම්මො තිලොක සරණො, ධම්මොසුරියො තමොනුදො
එවං තං සරණං ඛෙමං, ධම්මො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං, නත්ථි මය්හං භයං සදා
සංඝො තිලොක සරණො, සංඝො සුරියො තමො නුදො
එවං තං සරණං ඛෙමං සංඝො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං, නත්ථි මය්හං භයං සදා
ජයෝ මුනින්දස්ස සුබොධි මූලෙ - අහෝසි මාරස්ස පරාජයොහි
උග්ඝෝසයුං දේවගණා පසන්නා - ඒතේන සච්චේන ජයස්සු මය්හං
යන ගාථාව කියා,
නමෝ ශ්‍රී බුද්ධි ජය ජය එස්වාහං යන පාඨය තෙවරක් කියා මට ජයක්ම වේවායි! අධිෂ්ඨානයෙන් ගමන් අරඹන්න.
විභාග ශාලාවේදී පිළිතුරු ලිවීමට පෙර
නමෝ ශ්‍රී බුද්ධි ජය ජය එස්වාහං යන පාඨය තෙවරක් කියා පිළිතුරු ලිවීම ආරම්භය ශුභයි.
2017.08.20 ඉරිදා පිටත්විය යුතු නැකත්:
පෙ.ව. 6.19, 6.43, 07.07, 07.15, 07.43, 08.07, 08.19
ශුභ දිශාව - දකුණ
උසස්පෙළට නැකත්
2017 අගෝස්තු මස 08 වන අඟහරැවාදා දිනෙන් ආරම්භවන 2017 සැප්තැම්බර් 02වන දා අවසන්වන අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත්වන දරැ දැරියන්ගේ යහපත සඳහා නිවසින් පිටත්වීමට අවශ්‍ය ශුභ නැකත් පහත දක්වා ඇත.
මෙදින නිවසේදී උදේ 6.00 – 7.00 අතර ත්‍රිවිධ රත්නය වැඳපුදා ශ්‍රී විශ්ණු දෙවිඳුට, ශ්‍රී කතරගම දෙවිඳුට, ශ්‍රී ගණ දෙවිඳුට, සරසවතී දේව මාතාවට සහ මහා බ්‍රහ්ම දෙවිඳු ඇතුළු සියලුම දෙවියන්ට පින්දී සෙත් පතා මව්පිය වැඩිහිටි නැමද ගමන් අරඹන්න. මෙහි 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා දැක්වෙන ගාථා කියා එම උපදෙස් පිළිපදින්න.
ජ්‍යොතිෂ උපදේශක
පී.එම්.මුදලිගේ
ජයමිණි හප්පාවන, වංචාවල.