2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

ලංකාවට නුහුරුයි Momo කෑම රස අපූරුයි

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107

රසවත් ආහාර සොයාගෙන යන ගමනේදී මම මෙවර ගොඩවුණේ වෙනස් තාලේ තැනකටයි. බම්බලපිටියේ මැජෙස්ටික් පටුමගේ පිහිටලා තියෙන මේ අපූරු අවන්හලේ නම Momo’s by Ruvi.

Momo කියන්නේ ජනප්‍රිය ටිබෙට් සහ උතුරු ඉන්දියානු ආහාර වර්ගයක්. තවම විවෘත කරලා මාස තුනක් විතර ගෙවුණු මේ අවන්හලේ හිමිකාරිනිය තමයි මොනාලිසා. ඇගේ පුතා රුවීගෙ නමින් තමයි අවන්හල නම් කරලා තියෙන්නෙ. 
බොහොම පුංචි අවන්හලක් වුණත් සැන්දෑ කාලයේදී මෙතැන බොහොම කාර්යබහුලයි. එහෙම වුණත් හොඳ සුව පහසු සහ පවුලේ උණුසුම දැනෙන පරිසරයක් අවන්හල තුළ නිර්මාණය කරලා තිබෙනවා.

Beef Cheese and Prawn Shallow Fried Momo කියන්නේ මෙතැන වැඩියෙන්ම අලෙවි වන Momo වර්ගයි. නමුත් මොනාලිසා මට යෝජනා කළේ  Meaty Fiesta Momo එකක් රස බලන්නයි. ඇත්තටම මස් රසයත් ඒ වගේම මොනාලිසාගේ පවුලේ උදවියටම ආ‍වේණික වට්ටෝරු අනුව සෑදු සෝස් වර්ගත් නිසා ආහාර බොහොම රසවත්. 
බීම සඳහා තෝරාගත්තේ අයිස් ටී එකක්. බොහොම අපූරුවට පිළිගන්වපු ස්ට්‍රෝබෙරි අයිස් ටී එකත් සාමාන්‍ය අයිස් ටීවලට වඩා රසවත්. කොහොමටත් ස්ට්‍රොබෙරි තරම් අයිස් ටී එක්ක ගැලපෙන වෙනත් පළතුරක් නැහැ.

ධනූ
ඡායාරූප - You’re My Favorite

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00