මගේ මවු බිම මෙය වුණානම්.............
අන් සියලු මවුබිම් මේ වගේ වුණානම්.......
අපටත් ජීවත් වෙන්න තිබුණා......
මිනිසුන් ලෙසම......
මියයන්න තිබුණා.......
ජීවිතය ඉතිරි කර........
උපතේ සිට හුස්ම නවතින තෙක්......
තිරිසනුන් ලෙස විඳවන....
පාන් ලෙල්ලට ඇඳිවතට......
සෙවනකට විදු සෙවණකට
කඹුරන...
ඉන්ම ලෙඩවී විඳවමින්.....
බේත් උගුරටද විඳවා කඹුරන........
මහතුන් නෝනාවරුන් දිවි ගෙවන.....
පිංකල අල්පය වසනා සිටුපුර...
කාලකන්නි පවුකාර බහුතරය .....
කළ පවු ගෙවනා පිණිස විඳවනා......
හෙටක් නොමැති බව දැනදැන කම් සැප
සෙවූ පව නිසා ලෝකෙට බිහිකළ..
උන්ගේ පැටවුන් සමඟින් විඳවන...
දිරමින් පල්වන කාලකන්නිකම.....
වෙනුවට.......
මගේ මවු බිමමෙය වුණානම්.............
අන් සියලු මවුබිම් මේවගේ වුණානම්.......
මිනිසුන් මිස තිරිසනුන් නොමැති එම...
සමාජයේ අප හටම වැඩ කරන
ඒ සෙත සුව අපහටම ලැබෙන ලොව....
අපටත්....
ජීවත්වෙන්නතිබුණා.....
මගේ මවු බිමමෙය වුණානම්.............
අන් සියලු මවුබිම් මේවගේ වුණානම්.......
I මනෝජ් ජයසේකර