යාපනය කයිට්ස්, පුන්කුඩුතිව් ප්‍රදේශයේ සිටි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශශිකුමාර් හෙවත් ස්වීස් කුමාර් පොලීසියට බාර නොදී මුදා හැරිය බව කියන සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඉකුත්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය. ඇය ඒ සඳහා ඉදිරිපත් වූයේ කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා විසින් ලබාදුන් නියෝගයක් අනුවය.
අධිකරණ නියෝගයට ගරු කරමින් පසුගිය 14 වැනිදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව වෙත පැමිණි විජයකලා මහත්මියගෙන් පැය කීපයක් පුරා දීර්ඝ ලෙස ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වූ ස්වීස් කුමාර් නැමැත්තා ගම්වාසීන් විසින් අල්ලාගෙන විදුලි කණුවක ගැටගසා සිටියදී පොලීසිය එම ස්ථානයට පැමිණෙන්නට මත්තෙන් එහි ආ විජයකලා මහේෂ්වරන් මහත්මිය සැකකරු පොලීසියට බාර නොදී මුදාහැරීම පිළිබඳව මෙහිදී ප්‍රශ්න කර තිබුණි. ඊට පෙර පසුගිය 9 වැනිදාත් රහස් පොලීසියේ නිලධාරීන් විසින් ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කළද ඇය සතු දේශපාලන බලය ආධාරයෙන් ඉන් වැළැකීමට කටයුතු කළැයි ඇයට චෝදනා එල්ල විය. දෙවැනි වරටත් ඇගෙන් ප්‍රශ්න කර ලබාගත් සවිස්තර වාර්තාව පසුගිය 22 වැනිදා කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පියවර ගත්හ. එහිදී රහස් පොලීසිය දැනුම් දී තිබුණේ ස්විස් කුමාර් නැමැත්තා ගම්වාසීන් විසින් විදුලි කණුවක බැඳ පහර දෙමින් සිටියදී පොලීසියට අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දුන් බවය. ඊට පසුදින ඇමැතිවරිය වේලනී ප්‍රාදේශීය සභාවේ පැවැති සාකච්ඡාවකට සහභාගී වූ බව ද එහිදී පෙරදින අත්අඩංගුවට ගත් ස්වීස් කුමාර් මුදාහැර ඇති බව දැනගත් බව ද කියා ඇත. ස්වීස් කුමාර් පොලිස් අත්අඩංගුවෙන් මුදාහරින්නට උපදෙස් දුන් බව කියා සැකකාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ. ජයසිංහ මහතා බන්ධනාගාරය මගින් මෙදින අධිකරණයට යොමුකර සිටි අතර ඔහුගේ නීතීඥවරු ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. එහිදී නීතීඥවරුන් පවසා සිටියේ ඔහුට ඇප දීමෙන් පරීක්ෂණ සඳහා කිසිදු බාධාවක් නොවන බවත් ඔහු සේවයේ සිටියදීත් නිසියාකාරව පරීක්ෂණ සිදු වූ බවත්ය.
එයට පිළිතුරු දෙමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ එස්. නිශාන්තන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. සිල්වා මහත්වරුන් කියා තිබුණේ සැකකාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රිමාන්ඩ් භාරයේ සිටියදී අදාළ පොලිස් නිලධාරීන් නිදහසේ සාක්ෂි දෙන බවත්, එවැනි සාක්ෂි 14ක් සටහන් කරගෙන ඇති බව හා ඇප ලබා දුන්නොත් විමර්ශනවලට බාධාවන් සිදුවනු ඇති බවත්ය.
රහස් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී විජයකලා මහේෂ්වරන් කියා ඇත්තේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් ඇය වෙත සැකකරුවන්ගේ නම් කීපයක් හෙළි කළ බවය. ඇය විසින් එම නම් කීපය කයිට්ස් පොලීසිය වෙත ලබාදුන් බවද ටික දිනකට පසුව සැකකාර සවීස් කුමාර් නැමැත්තා විදුලි කණුවක ගැටගසා ගම්වැසියන් පහර දෙමින් සිටියදී එසේ නොකර පොලීසියට බාර දෙන ලෙස කියූ බව ද පසුව මේ පිළිබඳව පොලීසියට දැන්වූ බව ද කියා ඇත.
ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කොට ඝාතනය කර තිබුණේ 2015 මැයි 13 වැනිදාය. ඒ කාලසීමාවේ යාපනය ප්‍රදේශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේ ලලිත් ජයසිංහ මහතාය. සිද්ධියේ සැකකාර සිවකුමාර් අත්අඩංගුවට ගෙන සිටියදී පළා යන්නට ඉඩ සැලසූ බවට ලලිත් ජයසිංහ මහතාට චෝදනා එල්ල විය. ඒ සඳහා ඔහුට විජයකලා මහේෂ්වරන් ඇමැතිවරියගෙන් ඉල්ලීමක් ලැබුණු බවට චෝදනා නැගුණි. තවදුරටත් වාර්තා වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය තමිල්මාරන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ගුරුවරයකුව සිට ඇති නිසා එම හිතවත්කම උපයෝගී කොටගෙන විජයකලා මහේෂ්වරන් ඔවුන් දෙදෙනාගෙන් ස්වීස් කුමාර් මුදාහරින ලෙසට ඉල්ලීමක් කරන්නට ඇති බවය.
විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්වීස් කුමාර් විදුලි කණුවේ ගැටගසා සිටියදී මුදාහරින්නට නොව ගම්වාසීන් පහර දෙමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලෙස ඇමැතිවරිය විසින් පොලීසියට දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවියට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහනන්ය.
පසුගිය 23 වැනිදා නඩුව විභාගයට ගැනුණු අතර සැකකරුවන් විසින් ලබාදුන් සාක්ෂි පදනම් කොටගෙන විද්‍යා ඝාතනයේ සැකකරුවන් පැනයාම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුෙගන් මෙන්ම ඉලංගෙයි තමිල් අරුසකච්චි නායක මාවෙයි සේනාධිරාජා ඇතුළු පුද්ගලයන් හය දෙනකුගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් එම්. මිහාල් රියාල් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.
සමන්ත ප්‍රදීප් විල්තෙර