රටවල් තුනක ආහාර සැණකෙළියක්
ලොව පුරා ජනප්‍රිය ආහාර රටාවන් තුනක් වන ප්‍රංශ, ඉතාලි සහ ස්පාඤ්ඥ ආහාර රසවිඳීමේ විශේෂ අවස්ථාවක් අගෝස්තු 30,31 සහ සැප්තැම්බර් 01 යන දිනවලදී උදාවෙනවා. ඒ Wineworld.lk සහ ගාලු මුවදොර හෝටලය සූදානම් කරන Colombo Gourmet Week යටතේයි. අගෝස්තු 30 වැනිදා Jetwing Colombo Seven හෝටලයේදී ප්‍රංශ ආහාරත්, 31 වැනිදා හිල්ටන් හෝටලයේදී ඉතාලි ආහාරත් ගාලු මුවදොර හෝටලයේදී 01 වැනිදා ස්පාඤ්ඤ ආහාරත් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ ඉදිරිපත් කෙරෙනවා.
සෝනු නිගම් කොළඹට
සෝනු නිගම් කියන්නේ බොලිවුඩය තුළ ඉන්න දක්ෂ ගායකයෙක්, සංගීතකරැවෙක්. ඔහු සහභාගී වන සංගීත ප්‍රසංගයක් සැප්තැම්බර් 09 වැනිදා කොළඹ CR & FC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.