2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

මුහුදේ කිමිදෙන අහසේ ඉගිලෙන Flyboard සෙල්ලම

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

ජලය හා බැඳුණු ත්‍රාසජනක ක්‍රීඩා අතර අලුත්ම ක්‍රියාකාරකමක් තමයි Flyboard කියන්නෙ. මේ ක්‍රීඩාව බොහෝදුරට සිද්ධ වෙන්නේ මුහුද ආශ්‍රිතවයි. මේ ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයා Flyborad යැයි හඳුන්වන විශේෂ ජෙට් සපත්තු යුවලක් පැළඳ ගන්නවා. මේ සපත්තු යුවල එහෙමත් නැත්නම් සපත්තු පුවරුව කුඩා යාත්‍රාවක් සමඟ දිගු බටයක් ඔස්සේ සම්බන්ධ වී තිබෙනවා. මුහුදේදී මේ බටය හරහා ලැබෙන ශක්තිය භාවිතා කරමින් මුහුද යට කිමිදෙන්න වගේම අහසට ඉගිලෙන්නත් ක්‍රීඩකයාට පුළුවන්.

මේ ක්‍රියාකාරකම තනිවම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ජෙට් සපත්තු යුවල හා බැඳුණු බටය හරහා ඊට ශක්තිය අවශ්‍ය ප්‍රමාණය ලබාදෙන්න තවත් කෙනෙකු යාත්‍රාවේ සිටිය යුතුයි. ඒ හරහා ක්‍රීඩකයාට යා හැකි උස මට්ටම් තීරණය වෙනවා. 

සාමාන්‍යයෙන් Flyboard ක්‍රීඩාවේදි මීටර 15ක් තරම් ඉහළටත් ජලය යට මීටර 2.5ක් තරම් ගැඹුරටත් ගමන් කරන්න පුළුවන්. මේ ක්‍රීඩාවේ යෙදෙන අය හරියට ඩොල්පින් මසුන් වගේ මුහුද යටට ගමන් කරන ආකාරයත් වේගයෙන් මුහුදෙන් ඉහළට මතුවන ආකාරයත් බලා සිටීම පවා ත්‍රාසය දනවනවා. 

අපේ රටේත් දකුණු දිග මුහුදු තීරයේ සංචාරක හෝටල් ආශ්‍රිතව මේ ත්‍රාසජනක ක්‍රීඩාව ක්‍රියාත්මක වෙනවා. කොහොම නමුත් හොඳ පළපුරුද්දක් නැතිව නම් මේ ක්‍රීඩාවේ උපරිම ආශ්වාදය ලබන්න බැරිවේවි. 

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00