2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

නුගේගොඩ CP’s Grill එකේ චීස් කොත්තුව මල්හතයි

2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00173

නුගේගොඩට එකතුවුණු අලුත්ම අවන්හලක් තමයි CP’s Grill කියන්නෙ. ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටලා තියෙන මේ අවන්හල රසවත් ආහාර වර්ග රැසක් පිරිනමනවා.  මේ අවන්හලේ හිමිකරුවා චතුමාල් පියසේනයි. උදේ නමයත් හවස පහත් අතර හරිම ඒකාකාරී ජීවිතයකින් හෙම්බත් වුණු නිසා තමයි මෙහෙම අවන්හලක් පටන් ගන්න චතුමාල්ට හිතිලා තියෙන්නෙ.

අවන්හලේ නමත් චතුමාල්ගේ නමේ මුල් අකුරු දෙක එකතු කරලා (CP) තමයි යොදලා තියෙන්නෙ. 

මේ අවන්හල තවමත් ආරම්භක අවධියේ ඉන්න පුංචි අවන්හලක් වුණත් එයාලගේ ආහාරවල පිරිසිදුකම නම් මතක් කළ යුතුමයි. 

මෙතැන ජනප්‍රියම ආහාර අතර Spicy Grilled Chicken Burger (රු. 500), Grilled Fish with Lemon Butter Sauce (රු. 950), Mexican Chicken Salad in a tortilla basket (රු. 600) හා Pork Chop with Mashed Potatoes (රු. 750) ප්‍රධානයි. මෙතැන චීස් කොත්තුවත් ගොඩක් රසවත්. චීස් යහමින් තියෙනවා. හැබැයි ඒකෙ ඇලෙන සුළුගතිය තව පොඩ්ඩක් අඩුවුණා නම් හොඳයි. 

කොහොම වුණත් අලුත් අවන්හලක් විදිහට හොඳ රසවත් ආහාර වර්ග මෙතැනදී ලබාගන්න පුළුවන්. ගෙවන මිලට වටිනා ආහාර ලැබෙනවා. 

 ධනූ 
ඡායාරූප - You’re my favorite