2017 සැප්තැම්බර් 3 වන ඉරිදා එනම් අද දින සවස තුන පසුවී විනාඩි 9ට ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයා සමග යුධ සංග්‍රාමයක නිරත වනු ඇත. ඒ සිංහ රාශියේ හි කේතුට අයත් මා නැකතේ දෙවන පාදයේදීය. මෙම ග්‍රහයින් දෙදෙනා එකම අංශයක් තුළ සිංහ රාශියේදි එකිනෙකා අභිබවා යාටම උත්සහ දැරීමක් සිදුවන අතර එමගින් අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවි තලයට එල්ල වේ. මෙහි බලපෑම ඉදිරි දින 70ක කාලයක් පවතිනු ඇත.
අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රටේ ආර්ථිකය පසුබෑමකට ලක්වන අතර මූල්‍ය ආයතන බැංකු ආශ්‍රිත රැකියාවන්හි නිරත වන අයට මෙන්ම එම ආයතන වලටද ඉතා අයහපත් වන අතර විශාල ප්‍රමාණයේ මුදල් පැහැරගෙන යාම්ද බැංකු මූල්‍ය ආයතන සේවකයිටෙ මාරකද ඇතිවනු ඇත. රාජ්‍ය පාලන කටයුතුවලට විවිධ වූ අයහපත් බලපෑම් ඇති වේ. හවුල් ගිවිසුම් කැඩි බිඳී යන අතර මහජනතාවගේ පැසසුමට ලක්වෙමින් නව හවුල් ගිවිසුම් ඇතිවනු ඇත. රාජ්‍ය ප්‍රධානියකුට අපල ඇති වේ. සිසු අරගල වැඩෙවන වකවානුවක් වන අතර උද්ඝෝෂණ අරගලකාරි තත්ත්වයට උත්සන්න වීම් හේතුවෙන් සිසුවකුට මාරකයක් යෙදෙන වකවානුවක් ද වේ.
විදේශීය වශයෙන් විමසීමේදී ආරෝග්‍යශාලා ආශ්‍රිතව අශුභ සිදුවීම් ඇතිවන අතර බන්ධනාගාරයක රැඳවියන් පැන යාමක්ද විනෝදස්ථාන විද්‍යාස්ථානවල අශුභ සිදුවීම් ද වාර්තාවීම අධික වේ. විශේෂයෙන් අධ්‍යාපනය හදාරන දරුවන්ට මෙන්ම කුඩා දරුවන්ටද ඉතා අශුභ වන කාලයක් වනු ඇත. ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් කුඩා දරුවන් මිය යන ප්‍රමාණය ඉහළ යන වකවානුවක් වෙයි. පතල් ආශ්‍රිත අනතුරුද වාර්තා වනු ඇත. බිහිසුණු හදිසි අනතුරු බහුලව සිදුවන වකවානුවක් වන අතර පදිංචි ස්ථාන සහ වානිජමය ගොඩනැගිලි සමඟ රථවාහනද ගිනි ගැනීම් සිදුවනු ඇත.
මේෂ - මිතුරන් දුරස්වේ
අධ්‍යාපනය හදාරණ අයට අයහපත් වන කාල සීමාවක්වේ. හිත මිතුරන් තමාගෙන් දුරස්වන අතර ප්‍රේම සම්බන්ධතාවලට පිටස්තර බලපෑම් ඇති වීමෙන් ගැටලු උද්ගතවේ. දරුවන් ලැබීමට සිටින අය ප්‍රවේසම් විය යුතුයි.
වෘෂභ - හදිසි කේන්ති
ඔබට එතරම් අයහපත් බලපෑමක් ඇති නොවුවද හදිසි කේන්ති ගති ඇති වීම හේතුවෙන් පවුල් දිවියේ සමගියට යම් යම් බලපෑම් ඇතිවනු ඇත. රැකියාවේ දියුණුවක් අත්වන වකවානුවකි. හෘද රෝග වලින් පීඩා විඳින අය පරිස්සම් විය යුතුයි.
මිථුන - සතුරන් එළියට
ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වනු ඇත. යම් යම් කටයුතු වලට නොබියව ඉරිපත් වන වකවානුවක් වේ. සැඟවුණු සතුරැ කරදර අනාවරණය කරගත හැකිවේ. සහෝදරියන් අතර මතභේදයක් ඇතිවිය හැක.
කටක - සමගිය බිඳ වැටේ
තැන්පත් ධනය වියදම් කිරීමට සිදුවනු ඇත. හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතු වේ. හිත මිතුරන්ගෙන් යම් යම් ප්‍රශ්න ඇති විය හැක. තමාගේ කටයුතු වලට විවිධ වූ බාධා ඇතිවන අතර පවුල් දිවියේද සමගිය බිඳ වැටෙන වකවානුවක් වේ.
සිංහ - හිසේ අමාරු
හදිසි කේන්තිගති හේතුවෙන් විවිධ අය තමා සමග අමනාපකම් ඇති කරගනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ලාභ අත්නොවනු ඇත. හිස ආශ්‍රිත පීඩාවක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වීම වැදගත් වේ.
කන්‍යා - අසත්‍ය චෝදනා
අසත්‍ය චෝදනා තමා වෙත එල්ල වීම නිසා සිතට වේදනා ඇතිවනු ඇත. පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන අතර සහෝදර සහෝදරියන් අතර මතභේද උද්ගතවේ. දුරගමන් යාමට අපේක්ෂාවෙන් සිටියේ නම් අවදානම් ස්ථානවල ගමන් කිරීම අයහපත් වනු ඇත.
තුලා - ලේ විෂවීමක්
ඔබගේ හිත මිතුරන් ඔබෙන් ඇත්වීමක් සිදු වනු ඇත. යම් හේතුවක් මත විශාල ධනයක් නැති වී යන වකවානුවක් වේ. හදිසි කේන්ති ගති හේතුවෙන් තම පවුල් දිවියේද ප්‍රශ්න ඇතිවීමක් මෙන්ම ශරීරයේ ලේ විෂ වීමක් ද වනු ඇත.
වෘෂ්චික - රැකියා දියුණුව
ඔබට එතරම් අයහපත් නොවන අතර රැකියාවේ දියුණුවක් ලබාගත හැකි වන්නාවූත් වකවානුවක් වේ. සේවා ස්ථානයේ අන් සේවකයන් තමා සමඟ සිත් අමනාපකම් ඇති කරගනු ඇත. හවුල් කටයුතුවලින් ඵල නොලබන අතර උදර රෝගාබාධයන් ඇතිවනු ඇත.
ධනු - කෙටි ගමන්
තමන් පදිංචි ස්ථානය ආශ්‍රිතව ගැටලු මතුවනු ඇත. කෙටි ගමන් අධික වන්නාවූත් වකවානුවක් වේ. සිතේ සතුට නැති වී යන වකවානුවක් වේ. තමාගේ සහෝදරයන් සමග මතභේද ඇති වනු ඇත. පපුව ආශ්‍රිත රෝගාබාධයක් මතු වනු ඇත.
මකර - ශරීර පීඩා
ඔබට අයහපත් වනු ඇත. තමන්ගේ හිතමිතුරන්ගෙන් තමාට යම් යම් ප්‍රශ්න ඇතිවනු ඇත. හදිසි ශරීර පීඩා ඇති විය හැකි බැවින් රිය පැදවීමේදී කල්පනාකාරී වන්න. තමන්ගේ කටයුතු අඩපණ වන්නා වූත් වකවානුවක් වේ.
කුම්භ - මුත්‍රා රෝග
ඔබගේ පවුල් දිවියේ යම් යම් ප්‍රශ්න ඇතිවනු ඇත. හවුල් කටයුතුවලින් ඵල නොලබන වකවානුවක් වන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත විසිටින අයටද ලාබ අත්නොවනු ඇත. මුත්‍රා ආශ්‍රිත රෝගාබාධයක් ඇතිවිය හැක.
මීන - අසත්‍ය ප්‍රචාර
ඔබට අයහපත් නොවන අතර ඔබට එරෙහිව පැවති සතුරැ උවදුරැ මැඩ ගත හැකි වන්නාවූත් වකවානුවක් වේ. තමන්ගේ කීර්ති නාමයට හානි වන්නාවූත් අසත්‍ය පුවත් පැතිර යනු ඇත. ශරීරයේ ලේ දෝෂ ගති ඇතිවනු ඇත.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ
පර් යේෂණායතනය
28, ඔලබොඩුව ගෝනපොල