චිත්‍රපට දැක්ම COINS
ශ්‍රී ලංකා ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය සූරිය විලේජ් සමඟ ඉදිරිපත් කරන COINS චිත්‍රපට ප්‍රදර්ශනය සැප්තැම්බර් 3 වැනිදා හවස 6.30 සිට කොළඹ ස්කේල්ටන් මාවතේ පිහිටලා තියෙන සූරිය විලේජ්හි පැවැත්වෙනවා. ෆිල්ම් ඇකඩමියේ සිසුන්ගේ කෙටි චිත්‍රපට වගේම සුගතපාල සෙනරත් යාපා මහතාගේ හන්තානේ කතාව චිත්‍රපටයත් එහිදී ප්‍රදර්ශනය කෙරෙනවා.
කොළඹ ආනන්දයේ සංධ්වනි සන්ධ්‍යාව
කොළඹ ආනන්ද විද්‍යාලයීය බටහිර වාද්‍ය වෘන්දය ඉදිරිපත් කරන Dolce 2017 සංගීත සංධ්වනි සන්ධ්‍යාව සැප්තැම්බර් 03 වැනිදා සවස 5.30 සිට විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වෙනවා. සම්භාව්‍ය සංගීත ඛණ්ඩයන් වගේම නවීනත්වයට මුසුවුණු සංගීත රටාවනුත් එහිදී රස විඳින්න ඉඩ ලැබේවි.