වැල්ලවත්තේ බැරකූඩා අවන්හල ගැන අපි කතාකළේ මීට මාස කිහිපයකට උඩදීයි. බැරකූඩා අවන්හලට යාබදව තියෙන තවත් ඒ වගේ හොඳ අවන්හලක් තමයි The Station. Marine Drive එක ඉවර වෙන තැන පිහිටලා තියෙන මේ අවන්හලත් කොළඹ වැඩිදෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත්තු බීච් රෙස්ටොරන්ට් එකක්.
කෑම බීම ගැන කතා කරද්දි නම් ලොකු විශේෂත්වයක් නැහැ. සී ෆුඩ් මික්ස් රයිස් එක තමයි මෙතැන තියෙන ජනප්‍රියම ආහාරය. ඒ වගේම දැල්ලන්, ඉස්සන්, කකුළුවන් වගේ මුහුදු ආහාර වර්ගත් මෙතැන තියෙනවා.
කොහොම වුණත් මේ අවන්හලේ තියෙන හොඳම දේ තමයි කාර්ය මණ්ඩලයේ සුහදශීලී බව. කුඩා මට්ටමේ සේවකයන් නම් තවමත් ආගන්තුක සත්කාරයේ ආධුනික මට්ටමේ හිටියත් කළමනාකරු ඇතුළු ඉහළ කළමනාකාරීත්වය ඉතාම සුහදව සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්‍යතාවන් ගැන ලොකු අවධානයක් යොමුකරනවා. බොහොම නම්‍යශීලීයි.
සාමාන්‍යයෙන් බම්බලපිටිය, වැල්ලවත්ත කියන්නේ මුහුදු වෙරළක් දකින්න නැති ප්‍රදේශයක්. නමුත් මේ අවන්හල් පිහිටලා තියෙන ප්‍රදේශයේ නම් ගොඩක් පැතිරුණු වෙරළක් තියෙනවා. The Station අවන්හලේ තියෙන විශේෂම දේ කෑම බීමවලට වඩා පරිසරයේ සුන්දරත්වයයි.
සාමාන්‍යයෙන් හැන්දෑවරුවට ඉර බැහැගෙන යන සුන්දර දර්ශනයත් එක්ක ආහාරවේලක් ගන්න ලැබෙන කොළඹ තියෙන නියම තැනක් තමයි මේ අවන්හල. ආහාර ගන්න තැන් ගැන කතාකරද්දි වෙරළේත් ආසන පනවලා තියෙනවා. හැබැයි සිකුරාදා හැන්දෑවට වගේ කාර්යබහුලම වෙලාවකදි වෙරළෙන් මේසයක් ලබාගන්නවා කියන එක ටිකක් දුෂ්කර වැඩක්. ඒ හින්දා කල් තියා වෙන්කරවා ගන්න එක තමයි නුවණට හුරු!
රජිත