2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

නුඹ නාඳුනන නුඹව හඳුනන නුගේගොඩ හංදිය

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

තාර ගෑවුණ අහස මැද 
රොද බැඳුණු වලා තිරපටිවලට 
තබා ඇණ ගැසූ තරු කැට 
නිවී මියයන මොහොතට 
කොහොම උහුලන් ඉන්නවද මන්දා 
නුගේගොඩ හන්දිය සති අන්තෙට 

මහා ගඟ කොණ මුවදොර 
අගුළු ලා තිබුණත් ඇස් යට 
හිත් දෙකක් ඇවිදගෙන ගිය වීදියක 
එක හිතක් කොහොම ඇවිදන් යන්නද 

ඉංග්‍රීසියෙන් අණ්ඩ දැමු 
සිංහල ගීත කඳු සැණකෙළිය 
ඩිජිටල් මුහුණු හැඩවලින් පිරුණත් 
හන්දියේ හදවත තාමත් ගොළුය 

රෑ හීනවල අග කොටස 
බොඳවෙලා යන කණිසමට 
බීර පෙණ පවා පපු කුහරවල 
ගිනි ගන්න අළුයමට 
නෑවිත් උන්නා කියන්නේ කොහොමද 
ගැහැනු මිරිවැඩි සඟල සටහනක් 
තාමත් හන්දියේ තියනකොට

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00