පොළව හාරන්නෙ බලාගෙන
පොළව හාරන්නෙ බලාගෙන
උදලු පාරවල් දෙක තුන වදිද්දි
හම්බෙයි දශක දෙක තුනක්
පරණ ඇටකටු
ඒව සිංහලද දෙමළද
හොයන්න බෑ අපිට
ඒත් උන් මැරුණෙ නම්
එහෙම එකක් කියාගෙන
තව ටිකක් හාරද්දි
හම්බෙයි ටයර් මත පිළිස්සුණු
තරුණ ඇටකටු
පරාල ඇණ යකඩ කම්බි
තියේවි ඒ අතර බලාගෙන
තව එකින් එක උදලු පාරවල් වදිද්දි
හම්බෙයි තවත් ඇටකටු
බලන්න ඒ ඇටමිදුළු වලටම කාවැදිලා
තාමත් රැඳිලා තියෙනවද පැතුමක්
හැත්තෑව දශකයේ
රතුපාට අහසක් ගැන
සගය එහෙම බලනකොට
සොහොන් බිමකි මේ පොළොව
හීන මරලා හංගපු
වැළලූණු ප්රාර්ථනා අද්දර
අපි චොකා බයිලා දොඩන
රිවිහාර පින්නදු