2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

සෙල්ෆිවලට කියාපු ටොයිලට්

2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00100

මම අද කතා කරන්න යන්නෙ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැනයි. කොළඹ නගරය පුරා ඇවිදින මට හදිසි අවශ්‍යතාවයක් ඇතිවුණු වෙලාවට පිහිටට එන්නේ හෝටල් සහ අවන්හල් වගේ තැන්. ඉතින් ඒ තැන් ගැන ටිකක් කතා කරන්න මම කල්පනා කළා. ඒ තමයි අපේ අගනගරයේ තියෙන ටොයිලට්ස් ගැන. ඔක්කොටම කලින් කියන්න ඕනෙ මම හොඳ ශ්‍රී ලාංකිකයෙක්. ඒ හින්දා මට ටොයිලට් එකකදි වතුර කියන්නෙ ලොකුම ලොකු අවශ්‍යතාවයක්. ඒ ගැනත් මම මේ ලිපිය ලියද්දි ගොඩක් කල්පනා කළා. 

කිංග්ස්බරි හෝටලය ගැන කතා කළොත් එතැන ගොඩක් පිරිසුදුයි. හැබැයි එකම අවුල තමයි බිඩේ ෂවර් එකක් නැතිකම. ටොයිලට් එකේ තියෙන්නෙ කඩදාසි විතරයි. සමහර අය ටොයිලට් එක වතුරෙන් නාවන නිසා එයාලා මේ වගේ පියවරක් ගන්න ඇති. 

ටාජ් සමුද්‍රා හෝටලයේ නාන කාමරය ගොඩක්ම පිරිසුදුයි වගේම ආසා හිතෙන තැනක්. ආලෝක තත්ත්වය වුණත් නියමයි. ලස්සන සෙල්ෆියකට කියාපු තැන.

ඔඩෙල් කැෆේ පරිශ්‍රයේ ගොඩක් කාලයක් යනකල් තිබුණේ එක ටොයිලට් එකක් විතරයි. හැබැයි දැන් එතැන ටොයිලට් තුනක්ම තියෙනවා. හැබැයි ටොයිලට් හදන වෙලාවෙ එයාලා ඒවායේ පිරිසුදුකම ගැනත් තවත් ටිකක් සැලකිලිමත් වුණා නම් හොඳයි. 

සබ්වේ අවන්හලේ ටොයිලට් එක බොහොම නිහඬ තැනක්. මෙතැනත් හැබැයි වතුර නැහැ. ඒත් මට ගොඩක් ලොකු අදහස් කල්පනා වෙච්ච තැනක් තමයි මේක. ඒ හින්දම ගොඩක් හුරුපුරුදු තැනක් කියලත් මෙතැන හඳුන්වන්න පුළුවන්. අවන්හලක් නිසා පුංචි වතුර බෝතලයක් සල්ලි දීලා අරගෙනම ඇතුළට ගියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. 

♦ ධනූ 
ඡායාරූප | You’re My Favorite 

2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00