2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ඇඟ හිරිවට්ටන ජල ක්‍රීඩාවලට රසට කෑමට නියම තැන! The Marina

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 197

බොල්ගොඩ ජලාශයට මුහුණලා පිහිටා තිබෙන The Marina කියන්නේ, ත්‍රාසජනක ජලාශ්‍රිත ක්‍රීඩා කරන්න වගේම විවිධ ආහාරපාන රස විඳින්නත් කදිම තැනක්. පිළියන්දල කහතුඩුව ප්‍රදේශයට ආසන්නයෙන් බොල්ගොඩ ජලාශ මායිමේ තිබෙන මේ ජල ක්‍රීඩා මධ්‍යස්ථානයට කොළඹ සිට පැයක ගමන් කාලයකින් ළඟාවෙන්න පුළුවන්. 

උසස්ම තත්ත්වයේ ජල යාත්‍රා රැසක් මෙතැන තිබෙනවා. ඒවා සමඟ wakeboarding, jet-skiing, tube rides හෝ බෝට්ටු සවාරි යන්න සංචාරකයන්ට අවස්ථාව සැලසෙනවා. තවත් විශේෂතාවක් තමයි ජලාශ්‍රිත ක්‍රීඩා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය. විශේෂ පළපුරුද්දක් සහිත උපදේශකවරුන් හරහා එම පුහුණුකිරීම් සිදුවෙනවා. කොහොම නමුත් මෙතැන තියෙන ගොඩක් විනෝදජනක දෑ වගේම සුවිශේෂී වරප්‍රසාද භුක්ති විඳින්න නම් The Marina හි ලියාපදිංචි සාමාජිකයකු වීම වැදගත්. එවැනි සාමාජිකයෙක්ට සතියේ දවස් හත පුරාවටම ඕනෑම මොහොතක බෝට්ටු සවාරි යන්න වගේ පහසුකම් රැසක් හිමිවෙනවා.

මීට අමතරව The Marina පරිශ්‍රය තුළ සංචාරකයන් සඳහා කියැවීම් ශාලාවක්, පිහිනුම් තටාකයක්, කබානා, ජැකුසි තටාක, ව්‍යාපාර හා සම්මන්ත්‍රණ ශාලා ආදියත් පවතිනවා. ඒ වගේම එහි අවන්හලත් විශේෂයි. 

ඔවුන් සතුව Day Pass නමින් විශේෂ එක්දින වැඩසටහනක් පවතිනවා. එය එක් දිනකදී 30 දෙනකුට පමණක් පිරිනැමෙන සේවාවක් නිසා අදාළ දිනය තුළ එහි පැමිණෙන පළමු සංචාරකයන් 30 දෙනා සඳහා පමණක් එය වෙන් වෙනවා. ඊට බෝට්ටු සවාරි ඇතුළු ජල ක්‍රීඩා පැකේජයක් ඇතුළත්.

ජල ක්‍රීඩා කරන්න වගේම විවේකය විරාමය අරමුණු කරගත් සංචාරකයන්ටත් මෙය හොඳ නැවතුම්පොළක්. 

♦  සනත් වීරසූරිය 

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00