2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

HIT TIPS

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

තොවිල් සංගීතේ

බලි තොවිල් යාග හෝම කියන්නෙ අපේ රටේ සංස්කෘතියේ කොටසක්. ඒ හා සම්බන්ධ සංගීත ඉදිරිපත් කිරීම් රුසක් කොළඹ වෝක්ෂෝල් වීදියේ මියුසික් මැටර්ස්හිදී 23 වැනිදා රාත්‍රී 8 සිට 10 තෙක් පැවැත්වෙනවා. මේ ප්‍රසංගය නම්කරලා තිබෙන්නේ Baliphonics නමිනුයි. 

OZO ලෝක සාම DJ සාදය

සැප්තැම්බර් 21 වැනිදා තමයි ලෝක සාම දිනය. ඒ වෙනුවෙන් බම්බලපිටිය OZO හෝටලය විශේෂ DJ සාදයක් පවත්වනවා. Set for Peace වශයෙන් නම් කරලා තියෙන මේ සාදයේදී වැඩි අවධානයක් ලැබෙන්නේ සාමයේ අගය කියාදෙන සංගීතය වෙතයි.