2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

පැය දෙක තුනකට “ෂර්ලොක් හෝම්ස්” කෙනෙක් වෙන්න

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

මෙරට වින්දනාත්මක අත්දැකීම් ක්ෂේත්‍රය තුළ පෙරළිකාර වෙනසක් සමඟින් “Mystery Room” පුහුණු වැඩසටහන් පසුගියදා හඳුන්වාදෙනු ලැබුවා ඒ Beyond Boundaries Global පෞද්ගලික සමාගම විසින්. මෙම වැඩසටහන ඔස්සේ එකවර 8ත් 20ත් අතර පිරිසකට නවීන තාක්ෂණය භාවිත කරමින් රහස් පරීක්ෂකයන් ලෙස අබිරහසක් පසුපස හඹා යෑමේ අපූර්ව අත්දැකීම සමීප කරදෙනවා.

මෙම වැඩසටහන ආකාර කිහිපයකින් පැවැත්වෙනවා. එහි අඩංගු ‘Team Bonding’ ක්‍රියාකාරකම, ව්‍යාපාර ආයතන නියෝජනය කරන කණ්ඩායම් වෙනුවෙන්ම වෙන්වූ පැය 2 1/2ක සුවිශේෂ වැඩසටහනක්. එහිදී නායකත්ව පුහුණුව, ඇගැයීම් මධ්‍යස්ථානය හෝ බඳවාගැනීමේ පටිපාටිය යන අංශ ආවරණය කරගත හැකි අයුරින් වැඩසටහන තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කරගැනීමේ අවස්ථාව පවතිනවා. 

මේ අතර ‘Fun with Friends’ කියන්නේ, සේවකයන්ට තිළිණ ප්‍රදානය මෙන්ම සංචාරකයන් සඳහා රාත්‍රී ක්‍රියාකාරකමක්, උපන්දින හෝ සංවත්සර සැමරුමක්, පවුලේ එකතුවක් හෝ මිතුරන් පිරිසකගේ සුහද හමුවක් වැනි ඕනෑම අවස්ථාවකට සුදුසු වැඩසටහනක්. 

රාත්‍රී කෑම වේලක් භුක්ති විඳිනවාට වඩා, සිනමා පටයක් නරඹනවාට වඩා විනෝදය පිරුණු අත්දැකීමක් මේ හරහා ලැබෙනවා. ඊට හේතුව තමයි අබිරහසක් විසඳෙනවා බලා සිටිනවාට වඩා එය විසඳන්න සහභාගී වීම ගොඩක් වින්දනාත්මක වීම. ක්‍රීඩකයින් එකිනෙකා සමඟ කොයිතරම් සහයෝගයෙන් කටයුතු කරමින්, කාලය හා තරග කරමින් මේ ක්‍රියාකාරකමේ නිරතවීමේදී මිතුරන් වගේම මිතුරන් නොවන අය සමඟත් සහයෝගීව කටයුතු කිරීම වැදගත් තැනක් ගන්නවා.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00