2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

කොම්පඤ්ඤවීදියේ බර්ගර්ස් අවන්හල

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

කොම්පඤ්ඤවීදියේ මැලේ ස්ට්‍රීට් කියන්නේ නිතරම සෙනඟ ගැවසුණු කාර්යබහුල පෙනුමක් තියෙන පැත්තක්. මැලේ වීදියට හැරෙන තැනම පිහිටලා තියෙන බර්ගර් අවන්හලක් වෙතයි මෙවර මම ගමන් කළේ. මේ තැන මට එච්චර නුහුරු තැනකුත් නෙමෙයි. 2009 අවුරුද්දෙදි විතරත් මම මෙතැනට ඇවිත් බර්ගර්ස් රස බැලුවා. ඒ කාලෙ මෙතැන නම් කරලා තිබුණෙ බර්ග්ර්ස් කින්ග් කියලයි. දැන් එය FAZIL’S විදිහට නම්කරලා තියෙනවා. 

මෙතැන ප්‍රධානම ආහාරය තමයි බර්ගර්ස්. අවන්හල පිටත පාරේ ඉඳගෙනත් බර්ගර්ස් රස බලන්න පුළුවන්. මහල් තුනකින් යුත් අවන්හලේ ඇතුළත ඉඳලත් ආහාර ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම උඩු මහලේ ඉඳන් කොළඹ හාත්පස කුරුලු ඇසකින් දකින්නත් පුළුවන්. 

King Royal Burger, Tandoori Chicken Pizza Mini Sub, Classic Burger කියන්නේ මෙතැනට පැමිණියොත් රස බැලිය යුතුම බර්ගර්ස් සහ සබ්මැරීන් වර්ගයි. හොඳට චිකන් වගේම චීස් ආදිය යොදපු මේ බර්ගර්ස් සහ සබ්මැරීන් ගෙවන මුදලට හොඳ වටිනාකමක් දෙනවා. Iced Milo සහ අලිගැටපේර යුෂ වගේ රසවත් බීම වර්ගත් මෙතැනදී ලබාගන්න පුළුවන්.

I ධනූ
ඡායාරෑප - You’re My Favorite