2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

නටුවෙ කටු

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 01:38 52

විළිබරව අතු අතර
වැදී සැඟවී සිටින
නැවුම් සුදු මල් කැකුළ
විණි මුතුව මල්වරව
විදා මුතු දසන් පෙති
සිනාසෙයි ලෝකයට

දිනක් දෙදිනක් මෙලෙස
අවට ලොව එළිය කොට
සිනිඳු පෙතිවල මෙළෙක
පිණි පොදට සේදෙමින්
ඉන් නැඟුණු සුදු සුවඳ
සුළඟ හා එක්වෙමින්
පිපුණු මල සදහටම
මැරී පරවී වැටෙයි

ඉන්පසුව ඒ අවට
පාළු හිස් ලෝකයට
ඉතිරි වනුයේ කිමද
නටුව අග කටු පමණි

I මහගම සේකර
( සක්වාළිහිණි, පිට 69 )