2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට පංච මහා පුරුෂ යෝග බලයක්

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 315

2017 සැප්තැම්බර් 26 වන කුජ දින රාත්‍රි දොළහ පසුවී විනාඩි විසිනවයට බුද ග්‍රහයා තමාට උච්ච රාශි භවන වූ කන්‍යා රාශියට පිවිසෙන අතර රවිට අයත් උත්‍රපල් නැකතේ දෙවන තුන්වන හතරවන පාදවලත් සඳුට අයත් හත නැකතේ සම්පූර්ණවත් අඟහරුට අයත් සිත නැකතේ ප්‍රථම හා දෙවන පාදවලත් ගමන් කරයි. 2017 ඔක්තෝබර් මස 13 වන කිවිදින රාත්‍රි එකොළහ පසුවී විනාඩි පනස් හතර දක්වාම බුධ ග්‍රහයා රජ ගමනක යෙදෙනු ඇත. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට පංච මහා පුරුෂ යෝග බලයක් වන භද්‍ර යෝගය හිමිවන අතර මෙම වකවානු තුළ දී උත්පත්තිය ලබන්නාවූ දූ දරුවන් මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න වූයේ නම් ඔවුන් ඉතා පිංවන්ත වනු ඇත. පිරිපුන් දේහයකින් යුක්ත සිත් ගන්නා පෙනුමෙන්ද යුතුව බුද්ධිමත් රටට වැඩදායි පුද්ගලයන් ලෙස කැපීපෙනෙන මේ අය භාග්‍යවන්තයන් වේ.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී මූල්‍ය කටයුතුවල වෙනසක් දැකීමට හැකිවේ. තැපැල් සේවක ප්‍රශ්නයක් වැඩ වර්ජනයක් ඇතිවනු ඇත. මහජන සෞඛ්‍ය වෙනුවෙන් හෝ ඒ ආශ්‍රිතව නව නීති සම්පාදනය වෙයි. මන්ත්‍රීවරුන්ගේ පක්ෂ මාරු කිරීම්ද ඇමැතිධූර වෙනස් වීමක්ද සිදුවන වකවානුවක් වනු ඇත. 

විදේශීය වශයෙන් වෙළෙඳ කර්මාන්ත දියුණුවට පත්වන අතර මහජනයාට වැදගත් වන නව නීති සම්පාදනය වනු ඇත. නවීන දේ නිෂ්පාදනය කිරීමට හා නව නිපැයුම් සොයා ගැනීමට හා විද්‍යාත්මක පර් යේෂණ සාර්ථක කරගත හැකි වූද වකවානුවක් වනු ඇත. වැඩකරන ජනතාව තම අයිතිවාසිකම් ලබා ගැනීමට නැගී සිටින්නාවූත් වකවානුවකි. 

මේෂ - කැපීපෙනෙන තත්ත්වයට

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා එල්ල වේ. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වීමට අවකාශ ලැබෙනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය. ස්නායුගත පීඩාවක් මතු විය හැක.

වෘෂභ - ලිංගික ආකර්ශනය

ඔබගේ හිත මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙනු ඇත. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනය ඔබට හිමිවන අතර නව දැනුමක් තම බුද්ධියට එක් කරගතහැකි වේ. ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වන්නාවූ කාලයකි. 

මිථුන - ලේඛනයට යහපත්

තමා ගැන වැඩිපුර සිතා කටයුතු කරන්නාවූත් වකවානුවක් වේ. සාහිත්‍ය කටයුතු ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය. සහෝදරයන් අතර බැදීම වර්ධනය වනු ඇත. ආගමික කටයුතුවලට වැඩි වශයෙන් සහභාගි වේ. 

සිංහ - තරග ජය

තැන්පත් ධනය වර්ධනය කරගත හැකි වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වන අතර තරග ජය ලැබෙන වකවානුවකි. පවුල් දිවියේ සමගිය වර්ධනය වේ. හිත මිතුරන්ගෙන්ද උදව් උපකාර අත්වනු ඇත. 

කන්‍යා- බාධක ඉවතට

ඔබට ඉතා යහපත්ය. අන් අයගේ ගෞරවයට ලක්වනු ඇත. පැවති කරදර බාධක ඉවත් වී යයි. සිතේ සතුට ලැබෙන වකවානුවකි. නව නිවසක් මිලදී ගැනීමට ශුභ වකවානුවකි. අවිවාහක අයට මංගල යෝජනා ඇතිවේ.

තුලා - බාධා මතුවේ

ඔබට එතරම් යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශව වලින් බාධා ඇති කරනු ඇත. සතුරු පීඩාවක් හේතුවෙන් ධන හානියක් ඇතිවේ. උණ රෝගාබාධයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමට පවා ඉඩ තිබේ. 

වෘෂ්චික - ණයවලින් මිදේ

ඔබගේ හිතවතුන්ගේ උදව් උපකාර හිමිවන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය. ආර්ථික වාසි අත්වනු ඇත. ණය වලින් මිදීමට අවකාශ ලැබේ. විරුද්ධ ලිංගික ආකර්ශනයට ලක්වනු ඇත. 

ධනු - ගෞරව බහුමාන

ඔබට ඉතා යහපත් වන අතර රැකියා සේවා ස්ථානයේ නොසිතූ දියුණුවක් අත්වනු ඇත. ගෞරව බුහුමන් ලැබිය යුතු අයකු නම් එම ඇගයීම හිමිවනු ඇත. තමාගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන යහපත් වකවානුවක් වේ. 

මකර - විදේශ ගතවීම්

ඔබටත් යහපත් ඵල අත්වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා ශුභ වන අතර ලේඛන කටයුතු වල නිරත යන අයටද ශුභ වේ. අධ්‍යාපන කටයුතු හේතුවෙන් විදේශගත වීමේ බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත හැකි වේ. 

කුම්භ - නව නිර්මාණ

ඔබට මිශ්‍රඵල අත්වන අතර ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශව වලින් බාධා ඇති වනු ඇත. දරුවන් ලැබීමට අපේක්ෂාවෙන් සිටින අය පරිස්සම් විය යුතුවේ. නව නිර්මාණයක් බිහිකිරීමට හැකිවනු ඇත.

මීන - පවුලේ සමගිය

ඔබට යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු සාර්ථක වෙයි. හවුල් ව්‍යාපාර කටයුතු වලින්ද ඵල අත්වනු ඇත. පවුලේ දිවියේ සමගිය ඇතිවන අතර ඔබ කරන කටයුතුවලින් අන් අයගේ ආකර්ශනය ලැබෙනු ඇත. 

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය 
ඔලබොඩුව, ගෝනපල 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00