• මුඛ දුර්ගන්ධයට
බොහෝ දෙනෙකු තුළ පවතින විශාල ගැටලුවක් වනුයේ මුඛයෙන් අධික දුගඳක් පිටවීම. මෙවැනි අය දින කීපයක් නිතර නිතර කොත්තමල්ලි ඇට කීපයක් හොඳින් විකලා කන්න. දින කීපයකින් ඔබේ මුඛයේ තිබූ දුගඳ කොහෙන් ගියාද කිව නොහැකි වනු ඇත.
• රාත්‍රියේදී නින්ද නොයාම
එකත් එක්තරා ගැටලුවක්. දහවල් වරුවේ මොනතරම් නම් රාජකාරි කළද රාත්‍රි කාලයේදී ඔබට නින්ද නොයයිනම් සුදු ලූණු බික් දෙකක් හෝ අමුවෙන් කන්න.
• බඩගින්න අහලකවත් නැත්නම්
කොච්චර කෑම තිබුණත් කන්නට කිසිම පිරියක් නැත්නම් කන්නට කිසිම බඩගින්නක් නැත්නම් මුංඇට ටිකක් තම්බා එම වතුර බොන්න. බඩගින්නක් ඉක්මනින් දැනේවි...
• මුත්‍රා දැවිල්ලෙන් පීඩා විඳින ඔබට
ඔබ මුත්‍රා දැවිල්ලෙන් පීඩා විඳිනවානම් එනසාල් ටිකක් ගෙන එයට වතුර ටිකක් එක්කර හොඳින් අඹරාගන්න. මෙය ඔබේ යටි බඩේ ආලේප කරන්න. ඒ විතරක් නෙමේ එනසාල් ටිකක් තම්බා එම වතුර පානය කරන්න. ඉක්මනින් ඔබට සුවයක් දැනේවි.
• ඉක්කාවට මොකද කරන්නේ
ඉක්කාව කියන්නේ එතරම් අමාරු ලෙඩක් නොවුණත් ටිකක් වද දෙන අවස්ථාවක්. එවිට කරාබු නැටි කීපයක් හොඳින් විකා එම ඉස්ම එකවරම ගිලින්න. ඉක්කාව අතුරුදන් වනු ඇත.
• බඩේ අජීරණයත්... ලොකු ප්‍රශ්නයක්
ඔබ බඩේ අජීරණයකින් පීඩා විඳිනවාද...? අමු ඉඟුරු කැබැල්ලක් ලුණු කැට කීපයක් සමඟ හොඳින් හපා ඉස්ම බොන්න.
• හිස්සොරි තුවාලවලට
මේ සඳහා අත්බෙහෙත් ලෙසින් බීට් අලයක් ගෙන එය හොඳින් තලා එම ඉස්ම හිසේ ගල්වා පැය භාගයකට පසුව නාන්න. හිස්සොරි තුවාලවලට හොඳ ඔසුවකි.
(ආයුර්වේද ග්‍රන්ථයක් ඇසුරෙනි)