කාමරංගා ආහාරයට ගැනීම බරපතළ වකුගඩු ආබාධ ඇතිවීමට හේතුවිය හැකි බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එරංග එස්. විජේවික්‍රම පෙන්වා දෙයි. මේ සම්බන්ධව සිදුකෙරුණු පරීක්ෂණයකට අනුව වකුගඩු සහ ස්නායුවලට හානිකරන විනාශකාරී රසායනික වර්ග දෙකක් කාමරංගාවල පවතින බව සොයාගෙන ඇත. කාමරංගා යනු අත්‍යාවශ්‍ය පළතුරක් නොවන බැවින් කාමරංගා ආහාරයට ගැනීමෙන් සහ එහි යුෂ පානය කිරීමෙන් වැළකී සිටීම ඉතා යහපත් වන බව වෛද්‍යවරයාගේ අදහසය. කාමරංගා විස වෙන්නේ කටදැයි හරියටම කිව නොහැකි නිසා ඒවා ආහාරයට නොගෙන සිටීම වඩාත් හොඳ බව ඔහුගේ මතයයි.
සෞඛ්‍ය සම්පන්න තරුණ විධායක නිලධාරියකු සම්බන්ධව මෑතකදී සිදුකළ පරීක්ෂණයක් මීට හොඳ උදාහරණයකි. ඔහු සුපුරුදු පරිදි තම දෛනික වෙහෙසකාරී දිනයක් අවසානයේ ශීත කළ කාමරංගා යුෂ පිරි වීදුරුවක් පානය කළේය. දින කීපයකට පසුව ඔහු රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගත කිරීමට සිදුව තිබිණි. සිදුකෙරුණු පරීක්ෂණ මගින් ඔහුගේ වකුගඩුවලට හානියක් සිදුව තිබෙන බව සොයාගනු ලැබීය.
කාමරංගා ප්‍රතිඔක්සිකාරකයක් වශයෙන් ක්‍රියාත්මක වෙයි. එසේම පොටෑසියම් සහ විටමින් C වලින්ද පොහොසත්ය. එමෙන්ම එහි සීනි, සෝඩියම් ඉතා අඩුවෙන් පැවැතීම නිසා බොහෝ විට කාමරංගා ආහාරයක් වශයෙන් නිර්දේශ කරයි. නමුත් කාමරංගාවල යහපත් දේ පමණක් නොව අයහපත් දේ අඩංගු බවද කොළඹ වෛද්‍ය පීඨයේ සායනික වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන එරංග එස්. විජේවික්‍රම පෙන්වා දෙයි. අසාධ්‍ය වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සොයාගත් සාක්ෂි මත පදනම්ව ඔහු තම මතය ප්‍රකාශ කරයි.
රුධිරගත සීනි මට්ටම පහත හෙළීමේ ගුණයක් තිබීම හේතුවෙන් දියවැඩියාව සඳහා ඉතා හොඳ පළතුරක් බවට කාමරංගා බොහෝ දෙනෙකු නිර්දේශ කළද රුධිරගත සීනි පහත හෙළීමේ හැකියාවක් කාමරංගාවලට ඇතැයි යන්න පර් ෙය්ෂණ මගින් තහවුරු කර ඇති බවට සාක්ෂි තිබේදැයි යන්න ගැටලුවකි. කාමරංගා මගින් වඩාත් අනතුරු ඇතිවිය හැක්කේ වකුගඩු ආබාධ පවතින සහ දියවැඩියා රෝගීන්ට බවද සැලකිය යුතුය. මේ රෝගීන් බොහෝ දෙනාට වකුගඩුවල නිසි ක්‍රියාකාරීත්වය පිළිබඳව වැටහීමක් නැත.
සාමාන්‍ය තත්ත්වයේ සිටින පුද්ගලයකු වුවද වීදුරු බාගයක් බැගින් දින ගණනාවක් කාමරංගා යුෂ පානය කිරීම පවා වකුගඩුවලට බරපතළ හානියක් සිදුකළ හැකි බවද සොයාගෙන තිබේ. වෛද්‍ය විජේවික්‍රම සඳහන් කරන පරිදි කාමරංගාවල Nephrotoxin Oxalic ඇසිඩ් සහ Neurotoxin Caramboxin නම් රසායනිකයන් මේ හානි ඇති කිරීමට හේතුවෙයි. ඒ අතුරින් Nephrotoxin Oxalic ඇසිඩ් වකුගඩුවලට හානිදායක විය හැකි බවත් Neurotoxin Caramboxin ස්නායුවලට හානිකළ හැකි බවත් සඳහන් කරයි.
පසුගිය මාස කීපය ඇතුළත අසාධ්‍ය වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී රෝගීන් බොහෝමයක් වකුගඩුවලට හානිදායක Nephrotoxin Oxalic අඩංගු කාමරංගා ආහාරයට ගැනීම සහ යුෂ පානය කර ඇති බව සොයාගැනීම වැදගත් සාධකයක් බව වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.
(සන්ඩේ ටයිම්ස් ලිපියක් ඇසුරිනි)