බොහෝවිට ගැහැනු දරුවකුට වයස අවුරුදු දොළහේ සිට වයස අවුරුදු දාසය දක්වා වැඩිවියට පත්විය හැක. අවුරුදු දහසයේ සිට අවුරුදු හතළිහ දක්වා විශේෂයෙන් ඔසප්වීම ක්‍රමවත්ව පවත්වාගෙන යෑම සෑම කාන්තාවකගේම වගකීමකි.
නමුත් අද පවතින ජීවන රටාවත් සමඟ බොහෝ කාන්තාවන් මේ පිළිබඳව දක්වන්නේ අඩු සැලකිල්ලකි. ඔවුන්ගේ මූලික අභිප්‍රාය වන්නේ විභාග ජයගැනීම, රැකියාව, පවුල් සංස්ථාව මෙන්ම මුදල් ඉපැයීමය. නමුත් කාන්තාවන්ගේ ශරීරයේ ඇතිවන හෝමෝන තත්ත්වය වෙනස්වීම හඳුනාගත හැකි ප්‍රධාන සාධකය වන්නේ ඔසප්වීමයි.
ඔසප්වීම වෙනස්වීමට හේතු:-
ඔසප්වීම වෙනස්වීමට ප්‍රධාන හේතු කීපයකි.
මානසික ආතතිය
බොහෝ වෙලාවට අද ඇතැම් කාන්තාවෝ විවිධ සිත් තැවුලෙන් ජීවත් වෙති. විශේෂයෙන් දරුවන් සම්බන්ධව, රැකියාව සම්බන්ධව, ගේ දොර සම්බන්ධව මෙන්ම විවිධාකාර මානසික හේතු මෙයට බලපායි. ඇතැම් කාන්තාවෝ තමන්ගේ හිතේ ඇති ගැටලුව කියන්නට කෙනෙක් නොමැතිකම නිසාම මානසික ආතතියට ලක්වෙති. බොහෝ කාන්තාවන් නොදැන සිටියාට ඔසප්වීමේ අක්‍රමතාවයට මෙයද විශේෂ හේතුවක් වේ. එමෙන්ම විවාහය කල් යන අවිවාහක කාන්තාවන් තුළ ඇතිවන, දික්කසාදය වූ කාන්තාවන්ගේ සිත් තුළ ඇතිවන මානසික ආතතිය නිසාද බොහෝ කාන්තාවෝ මෙම තත්ත්වයට පත්වෙති.
කෑමබීම රටාව
අද බොහෝ කාන්තාවන් පහසුවත්, රසත් හේතුවෙන් පුරුදුව ඇත්තේ කඩ කෑම කෑමටයි. හවසට Takeaway එකකින් කෑම පෙට්ටි රැගෙන එන සැමියන්ව කාන්තාව පිළිගන්නේ සෙනෙහෙබරවය. නමුත් ක්ෂණික ආහාර රසකාරක යෙදූ ආහාර ඔබේත් ඔබේ දියණියගේත් ඔසප් චක්‍රය වෙනස් කරන්නට හේතුවක් වනවා බව ඔබ දන්නේ නම් සෑම රාත්‍රියකම ඔබේ අතින් හදන කෑම වේල ඉතා අගනේ යැයි ඔබටම වැටහෙනු ඇත. පමා නොවී මෙය පිළිබඳ හිතට ගැනීම අවශ්‍යය. අඩුම තරමේ ඔබේ මල් කැකුළක් වැනි කුඩා දියණිය ගැන සිතීමෙන් හෝ ඒ පාලනය කරගැනීම අවශ්‍යය.
පාරම්පරික රටාව
පාරම්පරික තත්ත්වය මෙයට වක්‍රව බලපෑම් ඇති කරයි. විශේෂයෙන් විවිධ අතුරු ආබාධ නිසා ඔසප්වීමේ වෙනසක් ඇති කරන්නට සමත් වේ.
කාලගුණය වෙනස්වීම
බොහෝ කාන්තාවන්ගේ ඔසප්වීමේ වෙනස්වීම්වල වෙනසක් ඇතිකරනා ප්‍රධාන හේතුවක් ලෙස රටකින් රටකට සංචාරය කිරීම හේතුවිය හැක. දේශගුණික වෙනස්කම් හේතුවෙනුත් ඔසප්වීම් චක්‍රය වෙනස් වේ.
ශරීරයේ වෙනස ඉන්ද්‍රියන් තුළ ඇතිවන බලපෑම්
ප්‍රධාන වෙනස්වීම් ආරම්භ වන්නේ හෝමෝන තුළය. ප්‍රෙජෙස්ටරෝන්, ඊස්ට්‍රජන් වැනි තෘතීය වෙනස්වීම් තුළින් මාස්වීම්වලට වෙනස්වීම් ඇතිවේ. මෙම හෝමෝනවල වෙනස්කම් නිසා විවිධ රෝග ලක්ෂණද ඇතිවේ.
ඒවා නම්,
වැනි තත්ත්වයන්ය. අවසානයේදී මේ හෝමෝනවල අසමතුලිතතාවය නිසා දරුවකු බලාපොරොත්තු වන තරුණියකට එම බලාපොරොත්තුව අහිමිව යාමටද සිදුවිය හැක.
නිවැරදි ඔසප්වීමක ඇති ලක්ෂණ:-
ඔබ ඔසප්වීම අක්‍රමවත් කාන්තාවක් නම් ඒ සඳහා කෘත්‍රිම හෝමෝන කිසිසේත් පාවිච්චි කිරීම නොකළ යුතුය. අද බොහෝ නම්වලින් ෆාමසිවල ඒ සඳහා බෙහෙත් පෙති තිබුණද ඒවායින් ඔබේ සිරුරට අහිතකර තත්ත්වයක් ඇතිවිය හැක. හිතුමතේට එවැනි දේ පාවිච්චි කිරීම අයහපත්ය. හොඳම දේ වන්නේ ඔබේ මානසික නිරවුල් බව මෙන්ම පෝෂ්‍යදායී ආහාර රටාවයි. එමෙන්ම ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයකු මුණගැසීමට පියවර ගත යුතුය.
දිශානි ජයමාලි කරුණාරත්න