කොළඹ සංචාරක සැණකෙළිය
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයත් සංචාරක අමාත්‍යංශයත් සංවිධානය කරන ‘Colombo International Shopping Festival’ ඔක්තෝබර් 20/21 සහ 22 යන දවස් තුන පුරා කොළඹ SLECC හිදී පැවැත්වෙනවා. උත්සව සමයට කල්තියාම ලෑස්ති වෙන අයට මෙතැනදී ජාත්‍යන්තර මට්ටමේ බොහෝ දෑ මිලදී ගත හැකිවේවි.
ජර්මන් රෙගේ සංගීතය 21දා
ජර්මනියේ සුප්‍රකට රෙගේ සංගීත කණ්ඩායමක් වන Raggabund කොළඹදී විශේෂ සංගීත ප්‍රසංගයකට සූදානම් වෙනවා. ගොතේ ආයතනය විසින් ඉදිරිපත් කරන මේ ප්‍රසංගය ඔක්තෝබර් 21 වැනිදා සවස 5 සිට එම ආයතනයේදී පැවැත්වෙනවා.