වසංගතයක් වගේ හැම ටීවි චැනල් එකක්ම පාෙහ් අරක් අරන් ඉන්න ඉන්දියන් ටෙලි නාට්ටි ටික මේ දවස්වල ‘කූඹි’ කාලා නන්නත්තාර වෙලා ගිහින්. කූඹියෝ නාට්ටියේ ජනප්‍රියත්වය හින්දම අපේ රටේ ටෙලි නාට්ටි හදන කට්ටියටත් ලොකු උනන්දුවක් ඇවිත්.
මේ කතාව කූඹියෝ ගැන නෙමේ. හැබැයි කූඹියෝ කතාවෙ එක තැනක මෙන්න මෙහෙම වටිනා වචන පේළියක් කියවුණා. අද කතාවෙ නිමිත්ත ඒකයි.
“අංකල් දැන් උගතුන්ගෙ දශකෙ ඉවරයි. මේ තියෙන්නෙ දක්ෂයින්ගෙ දශකෙ” කූඹියෝ එකේ ජෙහාන් එහෙම කියනවා. උඩින් ගත්තත් යටින් ගත්තත් ලොකු ගැඹුරක් තියෙන කතාවක්!
පහේ ශිෂ්‍යත්වෙ ලකුණු ආවේ මීට සති දෙකකට විතර කලින්. විභාගෙ පාස්වෙච්ච ළමයින්ගෙන් හැමෝම අහන්නෙ ලොකු වුණාම වෙන්නෙ කවුද කියලයි. ළමයි දහයකගෙන් ඇහුවොත් හයක් හතක්ම ඩොක්ටර් කෙනෙක් වෙනවා කියනවා. තව එක් කෙනෙක් දෙන්නෙක් කියනවා ඉංජිනේරුවෙක් වෙනවලු. ඉඳලා හිටලා කෙනෙක්ට පයිලට් කෙනෙක් ටීචර් කෙනෙක් වෙන්න ඕනෙලු. හැබැයි මේ ළමයින්ගෙන් ලක්ෂෙකට එක් කෙනෙක්වත් හොඳ බිස්නස්කාරයෙක් වෙන්න ඕනෙ කියලා කියන්නෙ නෑ.
බිස්නස්කාරයෙක්?
ඔව්. බිස්නස්කාරයෝ කියන්නෙ අපේ රටට දැන් තියෙන ලොකුම අඩුවක් කියලා කිව්වොත් හරියටම හරි. හැමෝම රස්සාවල් පස්සෙ දුවද්දි රස්සාවල් හදන්න කට්ටිය නැති වුණොත් රට ඇතුළෙ ලොකු අර්බුදයක් නිර්මාණය වෙන එක අනිවාර්යයි. ඒත් අපේ රට ඇතුළෙ බිස්නස්කාරයෝ බිහිකරන එකට පරහට ලොකු සංස්කෘතික ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සල්ලි ගැන සමාජය තුළ තියෙන නෙගටිව් හැඟීම.
අපේ රටේ සල්ලිකාරයෙක් කියන වචනෙම තියෙන්නෙ මහ ජරාජීර්ණ හැඟීමක්. ඉංග්‍රීසියෙන් ‘බිස්නස්මන්’ එහෙමත් නැත්නම් ‘ඔන්ටප්‍රිනර්’ වගේ ලස්සන වචන තියෙද්දි අපේ භාෂාවෙන් ව්‍යාපාරිකයා කියද්දි එන්නෙ හරිම කැත හැඟීමක්. ව්‍යවසායකයා කියලා ලස්සන වචනයක් තිබ්බත් බාගෙට බාගයක් ඒ වචනෙ තේරුමවත් දන්නෙ නෑ.
සල්ලිකාරයෙක් කියන්නෙ ගුණ ධර්ම නැති, බල්ලෝ මරලා හරි සල්ලි හොයන, හදවතක් නැති මනුස්සයෙක් කියන හැඟිම තමයි අපිට පොඩි කාලෙ ඉඳන්ම ඇති කරවලා තියෙන්නෙ. අම්මලා තාත්තලා ඇතුළු මුළු සමාජයම සල්ලිකාරයින්ව හංවඩු ගහන්නෙ ඒ විදිහටයි. කෙනෙක් අනිත් අයට වඩා ශූර විදිහට කල්පනා කරලා මොළේ වෙහෙසවලා සල්ලි හෙව්වත් ඒකට අගයක් දෙන්න අපේ මිනිස්සු දන්නෙ නෑ. වැඩිය ඕනෙ නෑ. අපේ රටේ ටෙලිනාට්‍යයක් ගත්තත්, චිත්‍රපටයක් ගත්තත්, කොටින්ම සින්දුවක විෂුවල් එකක් ගත්තත් සල්ලිකාරයා තමයි එතන ඉන්න අමනයා. දුප්පත් එකා තමයි හිත හොඳ අවංක එකා.
හැබැයි ඇත්තටම බැලුවොත් සල්ලි තමා අද ලෝකෙ රිමෝට් කන්ට්‍රෝල් එක. සල්ලි නැත්නම් නිදහසේ හුස්ම ටිකක් ගන්නවත් අපිට බැහැ. හොඳ කඳුකර පළාතක ගිහින් ලක්ෂරි හොලිඩේ එකක් අරන් හොඳ හුස්ම ටිකක් ගන්න පුළුවන් ද අතේ සතේ නැතිව?
අපේ රට ඇතුළෙදි සල්ලි කියන්නෙ ඈත් කරගත යුතු දෙයක් විදිහටයි අම්මලා තාත්තලා ළමයින්ට කියලා දෙන්නෙ. පිටරටවල දරුවෝ යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එනකොට පාර අයිනෙ ලෙමනේඩ් කරත්තයක් තියාගෙන විකුණලා, පත්තර බෙදලා කීය කීය හරි හම්බ කරනකොට අපේ ළමයි කරන්නෙ ටියුෂන් ගානෙ බඩගාන එකයි, මේ ලෝකෙ නැති සත්තුන්ගෙනුයි රොබෝලාගෙනුයි පිරුණු කාටුන් බල බල ඉන්න එකයි.
බටහිර රටවල ළමයින්ට පොඩි කාලෙ ඉඳන්ම සල්ලිවල අගය, සල්ලි හම්බ කරන්න තියෙන අමාරුව තේරුම් ගන්න ඒ අම්මලා තාත්තලා ඉඩදෙනවා. ඇත්තටම බැලුවොත් ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙත් මේ විදිහට සල්ලි දිහා පොසිටිව් විදිහට දැකපු නිසායි.
අම්මලා තාත්තලා කරන්න ඕනෙ ළමයි සල්ලිවලින් ඈත් කරවන එක නෙමෙයි. ළමයින්ට සල්ලිවල අගේ පහදලා දෙන්න ඕනෙ. සල්ලි කියන්නෙ ජීවිතේ නොවන බව හැබෑව වුණත් සල්ලි නැතිව ජීවිතයක් ගෙවන්න බැහැ කියන එකත් ළමයින්ට තේරුම් කරවන්න ඕනෙ. සල්ලි වියදම් කරන්න කලින් සල්ලි හොයන්න ළමයි උනන්දු කරවන්න ඕනෙ.
පොඩි කාලෙ ඉඳන්ම ළමයින්ට ලෝකෙ ඇති සැටියෙන් බලන්න පුරුදු කරන්නත් ඕනෙ. දොස්තරලා ඉංජිනියර්ස්ලාගෙන් එපිටට ගියපු විශාල ලෝකයක් තියෙනවා කියලා ළමයි තේරුම් ගත්තොත් එයාලට තමන් දක්ෂ මොන දේටද කියලා හරියටම හොයාගෙන ඊට පස්සෙ ජීවිතේ විඳින ගමන් සල්ලිත් හොයන්නත් පුළුවන් වේවි.
ජා