2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

සංචාරකයන් පිස්සු වට්ටන මුහුදු වෙරළේ මැරියට්

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

වැලිගම කියන්නේ කාරණා දෙකක් නිසා ප්‍රසිද්ධියට පත්ව තිබෙන ස්ථානයක්. එක කාරණයක් තමයි දර්ශනීය මුහුදු තීරයත් අසල පිහිටා තිබෙන තැප්‍රෙබේන් දිවයිනත්. අනෙක් කරුණ ලොව අන් කිසිදු තැනක දක්නට නොලැබෙන රිටි පන්නන්ගේ දර්ශනය. 

මේ සුන්දර ප්‍රදේශයට එකතුවුණු අලුත්ම අමුත්තා විදිහට මැරියට් රෙසෝට් ඇන්ඩ් ස්පා වැලිගම බේ හඳුන්වන්න පුළුවන්. නිවර්තන පාරිසරික ලක්ෂණ කැපීපෙනෙන ආකාරයට මේ හෝටලය ඉදිකර තිබීම ඇත්තෙන්ම විශිෂ්ටයි. හෝටල් ලොබියේ පවා ස්වභාවික පරිසරයත් ප්‍රාදේශීය කලා ශිල්පත් ඉස්මතු වන ආකාරයේ ගෘහ අලංකරණයක් දැකගත හැකියි.

මුහුදු වෙරළ මායිමේ පිහිටා ඇති මේ හෝටලය සතු මුළු කාමර සංඛ්‍යාව 198ක්. ඊට Twin නිදන කාමර 59ක් Suites 6ක් සහ Double King නිදන කාමර 129ක් ඇතුළත්. මේ සියලු කාමරවල බාත් ටබ් එකක්, අඟල් 55 රූපවාහිනියක්, මිනි බාර්, සේප්පුවක්, වයි ෆයි, පෞද්ගලික බැල්කනියක් ඇතුළු පහසුකම් රැසක් පවතිනවා.

හෝටලයේ තියෙන තවත් වටිනා ස්ථානයක් විදිහට Quan Spa හඳුන්වන්න පුළුවන්. සංචාරකයින්ට සියලු ආකාරයේ සම්බාහන ප්‍රතිකාර එහිදී ලබාගන්න පුළුවන්.

මැරියට් හෝටලයේ “වැලිගම කිචන්” අවන්හල දේශීය ආහාර පිළිගන්වන ප්‍රධාන ස්ථානයයි. දවස පුරාම විවෘතව තැබෙන මේ හෝටලය බොහෝ විදෙස් සංචාරකයින්ට සැබෑ දේශීය ආහාර රස විඳගැනීමට උපකාරී වේවි. මීට අමතරව ඉන්දියානු, හොංකොං සහ චීන, ටස්කන් ආහාර වර්ගත් මෙහි පිළිගැන්වෙනවා.  මීට අමතරව සී ෆුඩ් සඳහාම වෙන්වුණු Big Fish Seafood නම් අවන්හලකුත් මෙහි තිබෙනවා.

ඩොල්ෆින් සහ තල්මසුන් නැරඹීමට ප්‍රසිද්ධ මිරිස්ස වරායට සමීපයෙන් පිහිටා තිබෙන නිසාම ඒ සඳහා යනෙන සංචාරකයින්ට මැරියට් හෝටලය හොඳ නවාතැන්පොළක් වේවි. 

I සනත් වීරසූරිය
සේයාරූ - දමින්ද හර්ෂ පෙරේරා