2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

කොළඹ අලුත් අවන්හලක පොල්රොටි කොත්තු එක්ක චිකන් Cauldron Gravy

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 385

The Cauldron කියන්නේ කොළඹ ස්ට්‍රැට්ෆෝඩ් මාවතට එකතුවුණු අලුත්ම අවන්හලයි. එය කුඩා නමුත් සුවපහසු අවන්හලක්. මෙතැන තියෙන පැණිරස කෑමවර්ග ගැන නම් විශේෂ සඳහනක් කළයුතු නැති වුණත් මිරිස් රසට තියෙන කට දන ආහාර නම් බොහොම ඉස්තරම් විදිහට පිළිගන්වනවා.

අවන්හලේ පෙනුම මුළුමනින්ම කැෆේ පෙනුමකින් යුක්තයි. අපි මුලින්ම Hot Chocolate with Marshmallows පානයකුත් සහ Cauldron Blend කෝපි කෝප්පයකුත් රස බැලුවා. හොට් චොකලට් එකට මාෂ්මෙලොව්වලින් හොඳ ගාණට රසය එකතු වෙලා තිබුණා. කෝපි එකත් විප් ක්‍රීම් වගේම හේසල් නට් සිරප්, කජු කැබලි වගේ දේවල් නිසා හොඳ රසයකින් යුක්ත වුණා.

ඉන් පස්සෙ අපි යොමුවුණේ පොල් රොටි කොත්තුවලටයි. Cauldron Gravy සමඟ පිළිගන්වපු මේ ආහාරයේ චිකනුත් අඩංගුයි. ඒක ඇත්තටම ගොඩක් රසවත් කෑමක්. Creamy Tuscan Chicken Rice with Grilled Vegetables කියන්නේ තවත් රසවත් ආහාරයක්. ක්‍රීම් ගතියෙන් යුත් චීස් වගේම ක්‍රන්චි ගතියෙන් යුත් එළවළු සහිත මේ ආහාරය වැසිබර කාලගුණයක් තියෙන වෙලාවකට කදිමයි. Kochchi Chicken Waffle with Egg and Hot Maple Sauce කියන්නේ හොඳ සැරට හදන වොෆ්ල් එකක්. කොච්චි සැර ඇති චිකන් වගේම බිත්තරයකුත් මේ වොෆ්ල් ආහාරයට ඇතුළත්.

අතුරුපසවලින් අපි යොමුවුණේ Granny’s Chocolate Cake සහ පොල් පැණි පෑන් කේක්ස්වලටයි. ඒ අතරින් චොක්ලට් කේක් එකේ නම් විශේෂ රසයක් තිබුණේ නැහැ. හැබැයි පොල්පැණි පෑන් කේක් එක නම් ඉතා රසවත්.
ඉතාමත් සුහද කාර්ය මණ්ඩලයක් වගේම හොඳ පිරිසිදු බවකුත් තියෙන අවන්හලක් විදිහට අවසාන වශයෙන් The Cauldron ගැන කිවහැකියි.

නටාෂා ෆර්නෑන්ඩුපුල්ලේ
පින්තූර - කනිෂ්ක ගනේවත්ත

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00