2017 නොවැම්බර් මස 1 වැනි බුධ දින රාත්‍රී 12.46ට බුධ ග්‍රහයා තමාට සම රාශි භවනක් වූ වෘෂ්චික රාශියට පිවිසෙන අතර ගුරුට අයත් විසා නැකතේ හතරවැනි පාදයෙන් ශනිට අයත් අනුර නැකතේ සම්පූර්ණවත් බුධට අයත් දෙට නැකතේ සම්පූර්ණව 2017 නොවැම්බර් මස 24 වැනි කිවි දින සවස 2 පසු වී විනාඩි 5 දක්වාම ගමන් කරනු ඇත.
බුධ ග්‍රහයා වෘෂ්චික රාශියෙහි ගමන් කිරීම අප රටට බලපෑම විමසා බැලීමේ දී වෙළෙඳ ව්‍යාපාර කර්මාන්තවල දියුණුවක් ඇතිවන වකවානුවක් වේ. කෘෂිකර්මාන්තය කෙරෙහි උනන්දුවක් මහජනයා තුළ ඇතිවනු ඇත. පතල් ආශ්‍රිත අනතුරක් වාර්තා වනු ඇත. ස්ත්‍රින්ගේ සුබසිද්ධිය උදෙසා යම් යම් ක්‍රියාමාර්ග ගනු ලබයි. අධ්‍යාපන ආයතනයකට ළමුන් සිටින ස්ථානයකට යම්කිසි අයහපත් සිදුවීමක් ඇති වේ. රාජ්‍ය ප්‍රධානීන්ට විදේශ සංචාර යෙදෙනු ඇත. නාට්‍යයක් හෝ චිත්‍රපටයක් විශේෂ ඇගයීමකට ලක්වන වකවානුවක් වේ.
මේෂ - නීතිමය ප්‍රශ්න
පැවතියාවූ අසනීප ශරීර පීඩාවලින් මිඳීමට හැකියාව ලැබෙනු ඇත. ලියවිලිවලට අත්සන් තැබීමේ දී කල්පනාකාරී විය යුතු වේ. නීතිමය ප්‍රශ්නයකට ද මැදිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.
වෘෂභ - හවුලට හොඳයි
පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවන වකවානුවකි. හවුල් කටයුතුවලින් ඵල ලබනු ඇත. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත් වේ. සේවා ස්ථානයේ පැවති ගැටලු මඟහැරී යයි.
මිථුන - ස්නායු පීඩා
නෑදෑයන්ගෙන් යම් යම් ප්‍රශ්න මතුවිය හැක. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශ්වවලින් බාධා එල්ල කරයි. පුණ්‍ය ස්ථාන ආශ්‍රිතව වැඩිපුර කාලය ගත කිරීමට සිදුවනු ඇත. ස්නායු පීඩාවක් මතු වේ.
කටක - විරුද්ධවාදීන් ඇති වේ
අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වන අතර තමා ළඟින් සිටි අයකු තමාගෙන් ඈත්වන බැවින් කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබට එරෙහි විරුද්ධවාදීන් ඇතිවන වකවානුවක් ද වේ.
සිංහ - ඉඩකඩම් මිලට ගනී
ඔබට යහපත් ඵල අත්වන අතර ඔබගේ මතයට අනුව කටයුතු කරමින් වැඩ කටයුතු සාර්ථක කරගන්නා වූත් වකවානුවකි. නව ඉඩකඩම් මිල දී ගැනීමට යහපත් වන අතර තමාගේ නව නිර්මාණ එළිදැක්වීමට ද හැකි වේ.
කන්‍යා - සිතේ සහනය
යහපත් ඵල උදාවන අතර සිතේ සහනය ලැබීමෙන් තම බුද්ධියට නව දේ එක් කරගත හැකි වේ. උසස් අධ්‍යාපනය කරන අයට ද යහපත් ඵල අත්වනු ඇත. ලේඛන කටයුතුවල නිරත අයටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත අයටත් යහපත්ය.
තුලා - උණ රෝග
ඔබට එතරම් ශුභ ඵල අත්නොවන අතර යම් යම් කටයුතුවලදී තර්ක කිරීම නිසා ජයග්‍රහණය කරන්නට හැකි වේ. ආර්ථික වාසි අත්වුවද වියදම් අධික වනු ඇත. උණ රෝග පීඩාවක් මතුවනු ඇත.
වෘෂ්චික - සිතේ සහනය
තමාගේ කටයුතු ඉෂ්ඨ වන වකවානුවක් වනු ඇත. සිතේ සහනය ඇති වේ. හවුල් කටයුතුවලින් ද ඵල අත් වේ. පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර තම නිවසේ අලුත්වැඩියාවක් ද සිදුකරන වකවානුවක් වේ.
ධනු - පවුල් ප්‍රශ්න
ඔබට එතරම් යහපත් නොවන අතර පවුල් දිවියේ ප්‍රශ්න ඇතිවන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. රැකියාවේ යම්කිසි ගැටලු පැනනගින අතර ස්ථාන මාරුවක් අපේක්ෂාවෙන් සිටියේ නම් එය සිදු වේ. උණ රෝගයකින් පීඩා ඇතිවිය හැක.
මකර - ආයෝජනයට හොඳයි
ඔබට යහපත් ඵල අත්වන අතර හිත මිතුරන්ගෙන් උදව් උපකාර හිමිවනු ඇත. මුදල් යොදා ආයෝජන කටයුත්තක් සිදුකිරීමට යහපත්ය. අධ්‍යාපනයේ නිරත අයට ද යහපත් ඵල උදාවනු ඇත.
කුම්භ - රැකියාවෙන් ඉහළට
ඔබ රැකියාවෙන් උසස් වීම් බලාපොරොත්තු වූයේ නම් එය ඉටු වේ. නව දේපලක් මිල දී ගැනීමට ද යහපත් වන අතර තම දරුවකුගේ ක්‍රියාකාරකමක් හේතුවෙන් සිතට සතුටක් ඇතිවනු ඇත.
මීන - අමනාප ඉවත් වේ
ඔබගේ වැඩ කටයුතුවල ප්‍රමාද ගතියක් ඇතිවන අතර උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. සහෝදරයන් සමඟ සිත් අමනාපකම් තිබුණේ නම් එම අමනාපකම් ඉවත්ව යනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල.