ලංකා නිදහස් කේන්දරය කුම්භ ලග්නයයි. නමුත් මේ කියන්නට යන්නේ ස්වභාවික විපත් ගැනය. එම නිසා භූගෝලීය පිහිටීම අනුව ඇති රටේ ස්වභාවික ලග්නය මකරයි. මෙම කේන්දරය පාදක කොටගෙන අපි මෙය සාකච්ඡා කරමු.
ස්වභාවික විපත් සඳහා ප්‍රධාන වශයෙන් 4 වැනි භාවය ගැනේ. නමුත් ලග්නය ද ව්‍යසනයන්ගේ බුක්ති විඳීම 8 න්ද පෙන්වයි. මේ දිනවල සුළි සුළං වැසි කුණාටු, නායයාම් එමට ඇත. මීට ප්‍රථම යුගවලදී පවා සුළං වැසි කුණාටු, ගංවතුර. ඉඩෝර එමට පැමිණ ඇත. නමුත් මෙම වකවානුවේ තරම් එකදිගට මෙවැනි ස්වභාවික විපත්වලින් හානි සිදු වූ කාලයක් අසා නැතැයි බොහෝ දෙනෙක් කියති.
4 වැනි භාවය සහ රාශිය හෙවත් මේෂයේ යුරේනස් ගමන් කරයි. යුරේනස් මේ දිනවල ගමන් කරන්නේ 4 හි කේතු නැකතේය. එපමණක් නොව, කේතු ගමන් කරන්නේ වක්‍රවය. යුරේනස් ගමන් කරන නැකත අධිපති කේතු ලග්නයේ ගමන් කරයි. මෙම තත්ත්වය තීව්‍ර කරන පිහිටීමක් ද වෙයි. යුරේනස්ගේ නැකත අධිපති කේතු 19 හි හෙවත් මකරයේ ගමන් කරන විට කේතුට සමීපව දෘෂ්ටියක් ද එයි. මෙය තත්ත්වය වඩා බැරෑරුම් කර ඇත. මේෂය චර රාශියකි. එසේම කේතු ගමන් කරන මකරය ද චර රාශියකි. එම නිසා මෙම දේශගුණික විපර්යාස ඉතා සුළු කාල පරාසයක් තුළ වෙනස් වී ඉතා අහිතකර ඵල විපාක දෙයි. යුරේනස්ට කුම්භයේ සිටින නෙප්චූන්ගෙන් ද දෘෂ්ටියක් ඇත. යුරේනස් ගමන් කරන මේෂය කේතුගේ මකරය පඨවි රාශිවෙයි. නැප්චූන් ගමන් කරන කුම්භය වායෝ රාශියකි. යුරේනස් ප්‍රබලතම වායෝ ග්‍රහයාය. නැප්චූන් සමුද්‍රයට අධිපති ග්‍රහයාය. මෙම සමුද්‍රයට අධිපති ග්‍රහයා ඉන්නේ ද, වායෝ රාශියේය. යුරේනස් කේතු අතර ද නැප්චූන් අතර ද දෘෂ්ටි තිබෙන වග පැවැසිය යුතුය. මෙම දෘෂ්ටි නිසා වායුගෝලය කැළඹෙයි. යුරේනස් ක්ෂණයකින් තත්ත්වය වෙනස් කරන පෙරළිකාර ග්‍රහයෙකි. වායුගෝලය ඉතා අහිතකර ලෙස කැළඹෙයි. පඨවි රාශියේ කේතුගේ නැකතේ සිටම වක්‍ර වී කේතුටම දෙන ඉතා අසුභ දෘෂ්ටිය නිසා වැසි කුණාටු හමයි. නායයාම් ඇතිවෙයි. මුහුද කැළඹෙයි. පස් කඳු කඩාවැටෙයි. සමුද්‍රය සෙලවෙයි. මූදු කුණාටු ද හමයි. මේෂයේ කේතුගේ නැකතේ වක්‍රවන යුරේනස් 2018 ජනවාරි 2 දින මේෂයේ 00.28 දීම නිවෘත වෙයි. එතෙක් තත්ත්වය බැරෑරුම් වේ. එතැන් සිට වියළි දේශගුණයක් සහ ගින්නෙන් බරපතළ හානි පෙන්වයි. ඔක්තෝබර් 28 සිට ශනි ද ධනුවේ ගෝචර මකරයෙන් 12 හි යන්නේ ද කේතුගේ ගමනේය. එම කේතුගේ නැකතේ ගමන 2018 මාර්තු දක්වා පවතියි. එම නිසා අප රටට මෙම භූගෝලීය විපර්යාසයන් 2018 මාර්තු දක්වාම බලාපොරොත්තු විය යුතුය.
ජ්‍යොතිර්වේදී
පානදුරේ රෝහන් විරරත්න
දුම්රියපළ පාර
සිතුමිණ
ඉදිරි කාලය ලොකු විපතකට ගොදුරු වන බවට හා තාරකා විද්‍යානුකූලව නොවැම්බර් 15 සිට දින කිහිපයක් අඳුරේ සිටීමට සිදුවන බවට වූ ප්‍රකාශ මිත්‍යාවක් බවත් ජ්‍යොතිෂයට ප්‍රබල කාලගුණික විපතක් නොපෙනෙන බවත් වගකීමෙන් යුතුව සඳහන් කරමි. එහෙත් තාවකාලික ලෙස කාලගුණික විර්යාස සිදුවිය හැකි බව පමණක් පෙන්නුම් කරන වග කිව හැකිය.
2017.11.11 සිට 2017.11.26 යන දිනය දක්වා පූර්ණ කාලසර්ප යෝගයක් ක්‍රියාත්මක වන්නේය. නමුත් එම කාලපරාසයට පෙර සහ පසුව දින ගණනාවක් රාහු කේතු අක්ෂයෙන් එක් පසෙක සියලු ග්‍රහයින් සිටියදී අනික් කොටසේ චන්ද්‍රයා හුදෙකලාව ගෝචරය වෙයි. එකී කාලය තුළ චන්ද්‍ර දීප්ත යෝග ශක්තිය පෘතුවියට එල්ල වෙයි.
ලෝකායතන ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ දැක්වෙන්නේ මෙකී චන්ද්‍ර දීප්ත යෝගය ක්‍රියාත්මක වන කාලයේදී ලොවට සුළි සුළං - ගංවතුර තර්ජන - නාය යම් - කුණාටු මතුවීම මුහුදු ජල විපත්ති මුහුදේ අනතුරු ආදිය මතු කළහැකි බවයි.
ඒවා සාමාන්‍ය කාලගුණික විපර්යාස ලෙස ලෝකායතන ජ්‍යොතිෂය විසින් සළකා බලනු ඇත. එසේ නොමැතිව මහා ජන සංහාරයක් සිදුවන ඛේදනීය විපතක් සිදුවීමට 2017 වර්ෂය තුළදී කිසිදු ඉඩක් නොමැති බව අවධාරණය කර සිටිමි.
ක්‍රි.ව. 2017 යනු කලියුග වර්ෂ 5118 වන්නාවූ වර්ෂය බවට ගණන් බලා ඇත. කලියුගයට වර්ෂ හාරලක්ෂ තිස් දෙදහක් අඩංගුය. එයින් 2017 වනවිට ගෙවා ඇත්තේ වර්ෂ 5118 නම් තවත් ඉදිරියට කලියුග වර්ෂ හාරලක්ෂ විසිහය දහස් අටසිය අසූ දෙකක් මේ පෘතුවියට කලියුග ආයුෂ පවතී. මේ මහා පෘතුවිය දැනට පහත සඳහන් ආකාරයට මහා යුග ගෙවා ගෙන පැමිණ ඇත.
කෘත යුගය - 1728000 (වර්ෂ දහත් ලක්ෂ විසිඅටදාහයි)
ත්‍රෙතා යුගය - 1296000 (වර්ෂ දොළොස් ලක්ෂ අනුහයදාහයි)
ද්වාපර යුගය - 864000 (වර්ෂ අටලක්ෂ හැටහත් දාහයි)
කලි යුගය - 432000 (වර්ෂ හාරලක්ෂ තිස්දෙදහයි)
දැනට (1728000 + 1296000 + 864000 + 5118) මේ මහා පෘතුවිය වර්ෂ (3893118) තිස්අට ලක්ෂ අනුතුන්දාස් එකසිය දහඅටක් ආයු වින්දනයක් ලබා ඇත.
මේ සා මහත් ආයු කාලයේදී සුනාමිය වැනි විපත්තිවලට මුහුණ දුන්නත් එය නොනැසී දිවා රාත්‍රිය එසේම උදාවෙමින් පැවතී ඇත.
පෘතුවිය ක්‍රියාත්මක වන්නාවූ මෙම සූර්ය ග්‍රහ මණ්ඩලය හෙල්ලුම් කන්නට ක්ෂීරපථයේ සිදුවන අස්වාභාවික තත්ත්වයක් මුල් විය යුතුයි. එසේ නොමැතිව ග්‍රහක කැබැල්ලක් බැදුනත් එය අබ ඇටයක් මනුෂ්‍ය ශරීරයක බැඳුණ සේ දැනෙනවා විනා සුර්යා ග්‍රහ හෝ ආගන්තුක ග්‍රාහක කැබැල්ලක් විසිවුණහොත් පැමිණෙන්නත් පෙර සුර්යයා විසින්ම දවා අලුකර ලන්නේය. මේ අනුව ඉදිරියේදී ප්‍රබල කාලගුණ විපතක් සිදු නොවන බව සහතිකයි.
ඒ නිසා අඳබාල බොළඳ කතා විශ්වාස නොකර තමන්ගේ දෛනික කටයුතුවල නොබියව යෙදීමට ජනතාව පියවර ගැනීම ප්‍රඥා ගෝචර වෙයි.
විශ්වකීර්ති ජ්‍යොතිර් විද්‍යා පණ්ඩිත ශිරෝමනී
ගාල්ලේ තලගහ අක්මීමණ
සුරා ශ්‍රී ගුණවර්ධන