2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

කොතනද වැරැද්ද?

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

ලංකාවේ තරම් බණ අසන රටක් මේ ලෝකයේ නොමැති තරම්ය. පෝයකට පන්සලක් දුටුවිට නිතරම පෙනේ. (නමුත් අපරාධ එමටව ඇත)

ලංකාවේ තරම් හොඳ චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් පිරිසක් ලෝකයේ කිසිම රටක නැති තරම්ය. ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳින්ම අත්දැකීමට හැකිවිය. (නමුත් රජ කතා වලින් එපිටට චින්තනයක් නැත)

ලංකාවේ තරම් හොඳින් විවාහ මංගල්‍යයක් ගන්නා යුවළක් මේ තුන් ලෝකයේම නැත. වෙඩින් ෂෝ එකකට ගිය පසු මේ බව හොඳින් වැටහේ. (නමුත් අඩු වියදමකින් මංගල්‍යයක් සැලසුම් කළ කෙනෙක් සොයාගත නොහැක)

ලංකාවේ තරම් පොත් කියවන මිනිසුන් මිහිමත නැත. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සාක්කි දරන්නේ උඩ පැන පැනය. (නමුත් රටේ මිනිසුන්ගේ බුද්ධිය පිළිබඳ තවමත් ප්‍රශ්න තිබේ)

වැරැද්ද ඇත්තේ කොතනදැයි තවමත් කිසිවෙකුට අවබෝධ නොවේ.

 අචිර ලියනගේ 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00