ජාවත්ත පාරට එන අලුත් කෝපි කඩේ
Wheelys Cafe නමින් කොළඹ ජාවත්ත පාරේ අලුත් කෝපි කඩයක් නොවැම්බර් 12 වැනිදා හැන්දෑවේ 6.30ට විවෘත වීමට නියමිතයි. දේශීය Espresso coffee ඇතුළුව තවත් විවිධ බීම වර්ග රැසක් මේ අවන්හලේ පිළිගැන්වෙන බව ආරංචියි.
කටුනායක හැලොවීන් සාදය
නොවැම්බර් 18 වැනිදා සවස හයේ සිට කටුනායක රමාඩා හෝටලයේ විශේෂ හැලොවීන් සාදයක් පැවැත්වෙනවා. සංගීතය, කොක්ටේල්, රාත්‍රී ආහාරය සමඟ ඉදිරිපත් කෙරෙන මේ හැලෝවීන් සාදයට ජනප්‍රිය සංගීත ශිල්පීන් සහ DJ ශිල්පීන් රැසක් සහභාගී වීමට නියමිතයි.