2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

තුන් මාසයක් පරෙස්සමෙන්!

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154

ගුරු සිකුරු සංග්‍රාමයක

2017 නොවැම්බර් මස 13 වැනි සඳුදින පස්වරු එක පසුවී විනාඩි හතළිස් හතට බ්‍රහස්පති හා සිකුරු යන ග්‍රහයන් යුධ සංග්‍රාමයක නිරත වනු ඇත. තුලා රාශියෙහි රාහුට අයත් සා නැකතේදී එකම අංශයක ගමන් කරමින් මෙම ග්‍රහයන් දෙදෙනා එකිනෙකා අභිබවා යාමට උත්සාහ කිරීම නිසා ගුරු සහ සිකුරු ග්‍රහයන්ගේ අයහපත් වූ කිරණ පෘථිවියට එල්ල වෙයි. බ්‍රහස්පති ග්‍රහයාගේ සහ සිකුරු ග්‍රහයාගේ යුධ සංග්‍රාමය නිසා අප රටට ඇතිවන්නා වූ බලපෑම විමසා බලමු. 

මහජන සාමය බිඳ වැටෙනු ඇත. ජනතාවගේ සිත් කලකිරීමට පත්වන සිදුවීම් ඇතිවනු ඇත. තැපැල්, ගමනාගමන, දුම්රිය ආශ්‍රිත දූෂිත ක්‍රියාවන් හෙළිවන අතර, සේවක ප්‍රශ්නද ඇතිවේ. ආගමික ක්‍රියා පිළිබඳ හා රටේ අධ්‍යාපනයට අදාළ ගැටලු වැඩිවේ. විශේෂයෙන් අධ්‍යාපන ආයතන ආශ්‍රිතව ප්‍රශ්න දුරදිග යනු ඇත. ආගමික ප්‍රධානියකුට මාරක ඇතිවේ. ඉදිරි මාස තුනක් යනතුරු මේ තත්ත්වය බලපායි.

මේෂ - පවුල් ප්‍රශ්න 
නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් සෑම කටයුත්තකදීම කල්පනාකාරීවන්න. ඔබට එරෙහි සතුරු බලවේග ක්‍රියාත්මක වනු ඇත. පවුල් දිවියේද සමගියට බාධා ගෙනදේ.

වෘෂභ - සතුරු බලවේග එළියට
තැන්පත් ධනය වියදම් වී යන වකවානුවක් වේ. සේවා ස්ථානය ආශ්‍රිතව ගැටලු පැන නගිනු ඇත. ඔබට එරෙහිව පැවති සතුරු බලවේගයක් තමාට අනාවරණය කරගත හැකිවේ. මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරී වන්න.

 මිථුන - මංගල යෝජනා
තමා ළඟින් ඇසුරු කරන අයකු සමග සිත් අමනාපකම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත් වන්නාවූත් වකවානුවකි.

කටක - උරුම හිමිකම් ලැබේ
අයහපත් ඵල උදා නොවනු ඇත. භූමිය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහරවා ගත හැකිවේ. උරුම හිමිකම් ලබාගත හැකිවේ. සේවා ස්ථානයේදී අන් අයගේ පැසසුමට ලක්වනු ඇත. විශාල අන්දමේ මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරී වන්න.

සිංහ - හවුලට යහපත්
හිතමිතුරන්ගේ සහයෝගය ලැබෙන අතර අවිවාහක අයට මංගල යෝජනා ඇතිවනු ඇත. සමාජ සේවා කටයුතු සඳහා වැඩිපුර යෙදෙන වකවානුවක් වේ. හවුල් කටයුතු සිදුකිරීමටද යහපත් වේ.

කන්‍යා - සමගිය වර්ධනය වේ
පවුල් දිවියේ පැවති ප්‍රශ්න දුරු වී සමගිය වර්ධනය වන වකවානුවක් වේ. ආර්ථික අපහසුතා ඇතිවනු ඇත. යම් යම් වැඩ සඳහා උදාසීන ගති ඇතිවේ. ඔබගේ වචනයට අන් අයව ආකර්ෂණය කරගත හැකි වකවානුවකි.

තුලා - හිතූමතයට වැඩ
ඔබට යහපත් වුවද නොසිතූ ලෙස ශරීර පීඩා ඇතිවේ. අන් අයට ප්‍රිය බවට පත්වනු ඇත. තම හිතුමතයට ක්‍රියාකරන කාලයකි. පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර උදරය ආශ්‍රිත රෝගාබාධයක් ගෙනදෙනු ඇත. 

• වෘශ්චික - මුදල් පාඩුවක්
අයහපත් ඵල උදාවන අතර ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇතිකරනු ඇත. පවුල් දිවියේ සමගියට බාධාවීම් උද්ගත වේ. මූල්‍ය පාඩුවක් අත්වන වකවානුවක් බැවින් ගනුදෙනුවලදී පරිස්සම්වන්න.

ධනු - නිතර සතුටින්
ඔබට යහපත් ඵල අත්වන අතර තම හිත මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙනු ඇත. විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන අතර නිතර සතුටින් සිටීමට හැකියාව ලැබේ. පවුල් දිවියේද සමගිය වර්ධනය වනු ඇත.

මකර - බාධා වැඩියි
භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් ඵල වර්ධනය වන අතර තම කටයුතු සඳහා විවිධ පාර්ශවවලින් බාධා ඇතිවේ. උරුම හිමිකම් ලබාගැනීමට යහපත් කාලයකි. තැන්පත් ධනය වියදම් වීම අධික වේ. හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැක.

කුම්භ - වන්දනා ගමන්
උත්සාහයෙන් කටයුතු කරමින් තම අවශ්‍යතා රැසක් සාර්ථක කරගන්නා වූ වකවානුවක් වේ. සහෝදරයන් අතර බැඳිම වර්ධනය වන අතර අන් අයට සිත් ඇදී යන තත්ත්වයක් ඇතිවනු ඇත. කෙටි ගමන් වන්දනා ගමන් යෙදෙනු ඇත.

මීන - උගුරේ ආබාධ
ඔබට අයහපත් ඵල අත්වනු ඇත. තම කටයුතුවලට විවිධ බාධා මතුවේ. ලියවිලිවලට අත්සන් තැබීමේදී කල්පනාකාරී වීම වැදගත් වේ. සේවා ස්ථානය ආශ්‍රිතව ප්‍රශ්න ඇතිවිය හැක. උගුරු ආශ්‍රිත ආබාධයක් වැඩිවන වකවානුවක් වේ.

►ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර් යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00