වර්තමානයේ ජීවත් වන ඇතැම් චරිත යොදා නාට්‍ය රඟදැක්වූ කල්හි ප්‍රේක්ෂකයකුට සමවැදිය හැක්කේ ඒ කොයි චරිතය සමඟද? ඒ බොහෝ චරිතවලට වෛර කරනු විනා කෙසේ නම් සමවැදිය හැක්කේද? වර්තමාන නාට්‍යවල නිරෑපිත වන්නේ වර්තමාන ලෝකයයි. එහි සිටින චරිත, පන්ති හා පුද්ගලයන් අතරේ සම්බන්ධතා යනාදියයි. අප වසන මේ සමාජය සම්පූර්ණයෙන්ම ජරපත්ව කුණු වී ඇත. එහි වසන කිසිවකුත් ගෞරවයෙන් සැලකිය නොහැකිය. කවරකු නම් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකිද? කවරකු කෙරෙහි ගෞරව භක්තියක් ඇති කරගත හැක්කේද?
මෙලෙස වත්මන් සමාජයේ සිටින කිසි චරිතයකට සමවදින්ට බැරි නිසා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් සමවැදීම නැති කිරීමේ ක්‍රමයක් නිෂ්පාදනය කළේය. එම ක්‍රමය අනන්‍යත්වය බිඳ අන්‍යත්වය පිහිටුවයි.
මහාචාර්ය සුචරිත ගම්ලත්