2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

රෙදිපිළි බ්‍රෑන්ඩ්ස් සවාරිය Shop Till U Drop

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

පසුගිය දා කොළඹ පැවැති Shop Till U Drop වැඩසටහනට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මෙතැනදී ලංකාවේ රෙදිපිළි ක්ෂේත්‍රයේ බ්‍රෑන්ඩ්ස් ගොඩක් දැකගන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම ඒ බොහෝමයක් දෙනෙක් මට මීට පෙර මුණගැහිලා තිබුණු උදවියයි. 

Amberry, Fusion 14, Thirteen Thirty One, LOVI Ceylon, Rum Punch ඇතුළු අපේ රටේ විලාසිතා ක්ෂේත්‍රයේ අලුත් දක්ෂයන් ගොඩක් මෙතැනට එකතු වෙලා හිටියා. විශේෂයෙන්ම Mariza එතැනට පොඩි නත්තල් සිරියකුත් ගෙනැවිත් තිබුණා.

මේ වැඩසටහන සංවිධානය කරපු ලතික් අලෝක කියන විදිහට එයාලට අවශ්‍ය වී තිබුණේ එකම ශාලාවක් තුළ සාප්පු සංකීර්ණයක අත්දැකීමක් ලබාදෙන්නයි. ඔවුන්ගේ අරමුණ සාර්ථකවෙලා තියෙන බව මෙතැනට ඇවිත් හිටපු සෙනඟ දිහා දැක්කම හොඳින්ම පැහැදිලි වුණා.

පැය 12ක් පුරා පැවැත්වුණු මේ වැඩසටහනේදී ලස්සන නර්තන අංග කිහිපයක් වගේම තවත් ප්‍රවර්ධන වැඩසටහන්, විශේෂාංග ගොඩක් තිබුණා.

I ධනූ
ඡායාරූප - you’re my favorite

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00