2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

HIT TIPS

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

හිල්ටන් විලාසිතා

අතීත සේද මාවත යුගයේ අපේ රටේ තිබුණු අත් යන්ත්‍ර රෙදි පිළි නිර්මාණ සිහිගන්වමින් සහ විශේෂයෙන්ම අත්යන්ත්‍ර රෙදිවලින් නිර්මාණය කෙරුණු ආභරණ සහිත විශේෂ විලාසිතා දැක්මක් නොවැම්බර් 27 වැනිදා සවස 5 සිට 8 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වෙනවා. හිල්ටන් High Tea වලට සමගාමීව පැවැත්වෙන මේ විලාසිතා දැක්මෙන් ලැබෙන සියලු ආදායම් ආබාධිත දරුවන්ගේ සුබසෙත වෙනුවෙන් සුනෙර පදනමට ලැබෙන බවත් සඳහන්. 

පොඩ්ඩන්ට ඉවුම් පිහුම්

කොළඹ තිඹිරිගස්යාය පාරේ පිහිටා තිබෙන MA’s Gourmet අවන්හල උදාවෙන උත්සව සමය වෙනුවෙන් අලුත් විදිහකට සැරසෙමින් සිටිනවා. ඒ කුඩා ළමයිනුත් හවුල් කරගනිමින්. ඒ අනුව උත්සව සමයේදී පොඩ්ඩන්ට ඉවුම් පිහුම් වැඩමුළුවන් පවත්වන්න මේ අවන්හල ලෑස්තියි. නොවැම්බර් 29 සවස 3.30 සිට 5.30 දක්වා මේ වැඩමුළුවට එක්වන්න පොඩ්ඩන්ට පුළුවන්.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00