2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

අහම්බය අයිති කම්මැලිකමට

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇති, පොත් සාප්පු සංකීර්ණයක

තරමින් ද විශාල පොත් අරගෙන යන්න 

ඔයාට නිතරම ඵන්න වෙයි

මල්වත්ත පාරේ තිබුණ මහජන පුස්තකාලයට,

ඉරිදා හැම පත්තරේම බලන ගමන්

නොමිලේම අමුණපු ගෑනු කොටසේ, මැද පිටුවේ

සතිපතා ලියන යොවුන් නවකථාවක් කියවන විටදි

ඔයාට මතකයට එන, ඔයාගේ මතකයන්වල

මම කැමති විශේෂම කෙනා වෙන්න,

ඵදාට ඵ් කතාව

අජන්තා වගේ කෙනෙක් ලියලා තිබුණා නම්....

ඵතකොට,

මට පුළුවන් ඵකම පාරක

තුන් හතර වතාවක් වුණත් ඔයාගේ මූණට මූණ හමුවෙන්න,

ඔයාට රිදෙන විදිහට හිනාවෙලා යන්න.....

දාහය නිවන ඉරිදා සවස 

දෙනෝදාහක් අතරින් හැප්පි හැප්පි අපේ රූප

අහම්බෙන් අපිට අපි මුණගැසෙන දවසක

වෙහෙසට දෙකම්ඹුලේ ඇළවුණු කෙස් ගසක්

හිසටම පැටළුණු 

හිසකේ රටාවටම නැවත ඵක්කරන්නට තිබූ මොහොතත්

අමාරුවෙන් මඟහැර

ඈතින්ම නැවතී

ඔයාට පේන්නම මගෑරලා යන්නම්.....

මතක් වෙනවා

කොහේ උන්නාද දන්නේ නැති දාක

සීනි තුනපහ ඔතාගෙන එන පත්තරේ ලග්න කොටස

පරණ වුණත් ඉස්සරලම කියෙව්වේ ඔයාගේ කෑල්ල,

 

හුළඟක් වුණත් ඵන්න ඕනෙ

හැම රටාවක්ම අවුල් කරගෙන

වෙරළක් වගේ හැම මොහොතකම අලුත් වෙන්න,

අහම්බය ලස්සනයි කවියකට

 

අහම්බය අයිති කම්මැලිකමට

ඵ්ත් මං කැමති

අහම්බයක් කියනවාට වඩා 

අරගලයක් ඇතුළේ දිනාගත් දෙයක් තියනවා

සෑම හමුවීමකම

 ඩොමිනික් චන්ද්‍රසාලි