ඉල් මහත් ගතවුණා
කඳුළු වැසි මුසුවුණා
සඳ තරුද සැඟවුණා
මුදු සුළං රළුවුණා
අතීතය සැමරුණා
හද සුසුම් පාවුණා
පරපුරක නින්නාද
මතක තුළ ගුලිවුණා
සත්‍ය සෙව්වා වුවද
උණ්ඩයට බිලිවුණා
කප්පරක් විය හීන
ලේ පුසුඹේ සැඟවුණා
ඉල්මහේ සඳ දියව
ගංතොටේ තනිවුණා
උස් හඬන් නැඟු නාද
ගංදියට යාවුණා
මේ සඳම එදත් මේ වගේ පායන්න ඇති
ලේ කඳුළු සැලෙනු දැක සඳත් සැඟවෙන්න ඇති
මේ සුළං ජීවවායුව උරාගන්න ඇති
අකුණු වී ඒ සුසුම් බිම පතිත වෙනවා ඇති
උත්‍රා කුමාරි රණසිංහ
මාවනැල්ල