කොළඹ ආහාර සැණකෙළිය
අපේ රටේ විවිධ සංස්කෘතීන්ට අයිති විවිධ ජාතීන් ජීවත්වෙනවා. ආහාර කියන්නේ ඒ අයගේ සංස්කෘතියේ ලක්ෂණ පෙන්නුම් කරන වැදගත් සාධකයක්. ඉතින් රට පුරා විසිරී පවතින ඒ ආහාර සංස්කෘතියේ ලක්ෂණ සහිත ආහාර උළෙලක් දෙසැම්බර් 9 සහ 10 දවස් දෙක පුරා කොළඹ ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ට්හිදී පැවැත්වෙනවා. සිංහල, දමිළ, මුස්ලිම් ඇතුළු තවත් ජනවර්ග ගණනාවකගේ ආහාර රැගත් වෙළෙඳ කුටි 50ක් පමණ මෙතැනදී දැකගත හැකිවේවි. මෙය නම් කර තිබෙන්නේ The Peace Expo & Food Fest 2017 නමින්. මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ආහාර තුළින් ජාතීන් අතර සාමය ගොඩනැගීමයි.
ජෑස් එක්ක කෑම
ෆෙයාර්වේ කළම්බු ගෙනෙන ජෑස් Art and Jazz on the Street ආහාර සහ සංගීත සැණකෙළිය දෙසැම්බර් 9 සහ 10 තුළ කොළඹ කොටුව රෝහල් වීදියේ පැවැත්වෙනවා. උදෑසන 10 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වෙන මේ සැණකෙළියේදී ජෑස් සංගීතය රස විඳින්නත්, වීදි ආහාර රස බලන්නත් හැකිවේවි.