2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

කූඩාරමක රැයක් ගෙවන්න - කොළඹට අතේ දුරින් වාසල නේචර් රිසෝට්

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

දෙසැම්බරය සැබවින්ම විනෝදකාමීන්ගේ මාසයක් කීවොත් නිවැරැදියි. පාසල් නිවාඩුව, නත්තල වැනි කාරණා නිසා ම බොහෝ දෙනෙක් විවේක සුවය විඳින්නට, නිවාඩුවක් ගත කිරීමට නිස්කලංක සොඳුරු ස්ථාන පිළිබඳව නිරන්තරයෙන් උනන්දු වෙනවා. ඒ සඳහා කදිමට ගැළපෙන අගනුවරට ආසන්නයේම ඇති නිවාඩු නිකේතනයක් ලෙස ගම්පහ මණ්ඩාවල ප‍්‍රදේශයේ හරිත වර්ණ ගහකොළ, කෙත් වතු අතර මනස්කාන්ත පරිසරයක ඉදිවුණු “වාසල නේචර් රිසෝට්” හැඳින්විය හැකියි.

සොබාදහම හා අපූර්වත්වයෙන් බැඳුණු මෙම සොඳුරු නවාතැන වෙල්යායකට මුහුණලා පිහිටා තිබෙනවා. දැකුම්කළු සුවපහසු උත්සව ශාලාව, ප‍්‍රණීත ආහාර පාන, නාන තටාක, එළිමහන් ක‍්‍රීඩාංගණ, වාහන නවතා තැබිය හැකි විශාල භූමි භාග ආදී පහසුකම්වලින්  වාසල නේචර් රිසෝට් සමන්විතයි. 

ඊට අමතරව එකවර සියයක පමණ පිරිසකට කූඩාරම්වල විනෝදකාමී රාත‍්‍රියක් ගත කිරීමේ අවස්ථාවත් ඇති නිසාම කාර්යාලවල මිතුරන්ට මෙන්ම පවුලේ සැමට එකට විනෝදවීමේ අවස්ථාව නොඅඩුව හිමිවෙනවා.

මෙම නවාතැන පිහිටා ඇත්තේ කොළඹට කිලෝමීටර් 27ක් පමණ දුරින්. වැලිවේරියෙන් හේනේගම මාර්ගයේ පැමිණ මණ්ඩාවල හන්දියෙන් දකුණට හැරී පූගොඩ පාරේ කිලෝමීටර් දෙකක් ගිය තැන වාසල නේචර් රිසෝට් හමුවෙනවා. මනස්කාන්ත පරිසරයක පිහිටා ඇති නිසා ම විවාහ මංගල උත්සව පැවැත්වීමට කදිම ස්ථානයක් බව එහි කළමනාකරු සමීර රුවන්ප‍්‍රිය මහතා පවසනවා.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00