දීපිකා පදුකෝන් රංගනයෙහි යෙදෙන පද්මාවතී චිත්‍රපටය හරහා හින්දු ඉතිහාසෙට අපහාස වුණා කියලා ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ, හර්යානා ප‍්‍රාන්තය නියෝජනය කරන හින්දු ජාතිකවාදී නායක සුරාජ් පාල් අමූ දීපිකා පදුකෝන්ගෙයි සංජය ලීලා බන්සාලිගෙයි හිස් වලට ඉන්දියානු රු.කෝටි 100ක මිලක් නියම කරලා.
ඕක අහලා ඉකේයියා ඉන්දියන් බයියො වගේ කියලා ගොඩක් අය හිනා වුණාට ඒ හිනාවෙන ගොඩක් අයත් එහෙමම තමයි..
ඉතිහාසෙ කියන්නෙ කරේ තියාගෙන පම්පෝරි ගහන්න මෙව්ව එකක් නෙමෙයි.. ඒ ඒ කාලවල මිනිස්සු කරපු දේවල්. එච්චරයි.. ඉතින් ඒවා අපිට කිසිම අදාළත්වයක් නෑ.. ඒවා ලස්සනයි.. විඳින්න.. දැනුම ආදර්ශ ගන්න..
පහුර එගොඩ වෙන්න විතරක් පාවිච්චි කරන්න..
අනිත් එක අපේ එක ලොකුයි කියලා පම්පෝරි ගැහුවට අපිට වැඩිය ලොකු ඒවා මේ ලෝකෙ ඕන තරමක් තියනවා.. ඒ වගේම රජ කාලෙ ඉතිහාස කොහොමත් ආඩම්බර වෙන්න දෙයක් නෑ.. රජවරු ඉතිහාස හැදුවෙ කඩුවෙන් ලේ වලින්.. කොච්චර නෑ කිව්වත් ඒක එහෙමම තමයි.
ඉතිහාසෙ කියන්නෙ ප්‍රබන්ධයක්. පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට බෑ ඇත්ත ඉතිහාසෙ සම්පූර්ණයෙන් ගොඩනගන්න. මොකද ඉතිහාසෙ ලියන්නෙ ජයග්‍රාහකයා හින්දා..
ඒ වගේම තමන්ටම කියලා ආඩම්බර වෙන්න දෙයක් නැති අය තමයි තමන්ට අවුරුදු දාහකට විතර කලින් හිටපු අය හදපු ආගමක් ජාතියක් ඉතිහාසයක් හරි ගමක් හරි අල්ලගෙන දඟලන්නෙ..
ඔය ඉතිහාසෙ ගැන ආඩම්බරවීම ගැන මගේ මතය ඇහුවොත්..
ලොකුයි කියලා උත්කර්ෂයට නගන්න දෙයක් නෑ.. හැම එකක්ම එකවගේ වටිනාකම් තියන සංස්කෘති.. ඉතිහාස. ඉතින් ඒවා එකක්වත් අපිට අයිති නෑ..
ඉතින් අයිති නැති දෙයක් වෙනුවෙන් අපි මරාගන්න ඕනෙද.. අයිති දෙයක් වෙනුවෙන් මරාගැනීමත් විසඳුමක් නොවන ලෝකෙක..
මතවාද හැප්පෙන්න ඕනෙ අලුත් ලෝකයක් හැදෙන්න. මේ ලෝකෙ හැම දේම ප්‍රශ්න වෙන්න ඕනෙ..
ගෞතම බුද්ධ බ්‍රාහ්මණ කුලවාදය ප්‍රශ්න නොකර හිටියනම් අනේ අපේ ඉතිහාසෙ කියලා ඇතිවෙන තත්ත්වය මොකක්ද..
පරිණාමවාදය ගෙනාවෙ නැත්තම් අපි තාම හිතන් ඉන්නෙ ලෝකෙ දෙයියො මැව්වා කියලා. ඒක හින්දා සමහර දේවල්වලට රිදෙන්න පුළුවන්.
හැබැයි ඒකට විසඳුම ප්‍රචණ්ඩත්වය නෙමෙයි.. මතවාද හප්පන එක.. එතකොට තමයි අලුත් අදහස් බිහිවෙන්නෙ. අලුත් ලෝකයක් හැදෙන්නෙ
චිත්‍රපටය ගැන ගත්තම..
කලාව ඇතුළෙ.. තමන්ගෙ නිර්මාණය ඇතුළෙ.. මැවුම්කාරයා කලාකරැවා පමණයි.. දෙවියන්වහන්සේද මහාබ්‍රහ්මයාද කලාකරුවාම පමණයි.. ඊට ඉහළින් කිසිවෙක් නැත..
ඉතින් හින්දුන්ට තිබ්බා අර කෝටි සීය දාලා තමන් ඇත්ත කියලා පිළිගන්න ඉතිහාසෙට අනුව දීපිකාවම දාලා පද්මාවතී එකක් අලුතෙන් හදන්න.. එතකොට ඇත්‍ත මොකක්ද කියලා ප්‍රශ්න වෙයි. අලුතෙන් ඉතිහාසෙ කතා වෙයි.. අලුත් මතවාද ගොඩනැගෙයි..
ඔබට ආඩම්බර වෙන්න ඕනෙමනං ඔබ අලුතෙන් ඉතිහාසය ගොඩනගන්න.. දැන් ඔබ ආඩම්බර වෙන ඒවා උත්කර්ෂයට නගන ඒවා අනුන්ගෙ.. ඒවා එයාලටම බාර දෙන්න..
චමල් අකලංක පොල්වත්තගේ