2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

හිතට වදින්න...

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 159

අපේ රටේ මහා විශාල ජනතාවාදී සාහිත්‍යයක් ගොඩනැගුණේ නැහැ. ඒ කාලේ ජනතාවාදී රුල්ලක් නම් තිබුණා. අනෙක ජනතාවාදී සාහිත්‍යයක් තිබුණත් අනෙකුත් සාහිත්‍ය මතවාදවලට එයින් බාධාවක් වුණා යැයි මා විශ්වාස කරන්නේ නැහැ. ජනතාවාදය, නූතනවාදය, සාංදෘෂ්ටිකවාදය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය වැනි විවිධාකාර නම්වලින් ඇතැමුන් සාහිත්‍ය කෘති අර්ථකථනය කරනවා. එහෙත් මේ විවිධ ලේබල්වලින් කියන්නේ එකම දේ. සමාජයේ ජීවත්වන පුද්ගලයෙකුගේ හෝ කිහිපදෙනෙකුගේ ජීවන රටාව විග්‍රහ කිරීමයි මෙයින් සිදුවන්නේ.

 මහාචාර්ය සිරි ගුණසිංහ
(ශෂී ප්‍රභාත් රණසිංහගේ “සාහිත සංචින්තා” කෘතියෙනි.)